අතරමැදි විසදුම් වලට ශිෂ්‍ය ව්‍යාපාරය එකග නෑ.

ව්‍යාජ විසදුම් එපා,
මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු !


පසුගිය 13 වෙනිදා පැවත්වීමට සැලසුම් කර තිබී පසුව කල් දමන ලද මාළඹේ සයිටම් ආයතනය පිළිබද සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී මාළඹේ සයිටම් ආයතනයට ලබා දීමට යේජිත රුසියානු ඒකාබද්ධ උපාධි පිරුනැමීමේ විසදුම් වැනි අතරමැදි විසදුම් වලට ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන බවත්, එකම විසදුම මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම බවත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දිනයේ ( මාර්තු 15 ) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා ප්‍රකාශ කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව මරදාන සමාජීය හා ආගමික කේන්ද්‍රයේදී පවත්වන ලදී.

No comments:

Post a Comment