මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගලයට ගුරු-විදුහල්පති සංගම් එක්වෙයි.

2017.02.13 දින අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, ගුරු-විදුහල්පතිවරු සංගම් සමග පැවතී මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුරු-විදුහල්පති සංගම් පවසා සිටියේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය දිනාගැනිමේ අරගලය
ශිෂ්‍යන්ගේ වගකීමක් හෝ යුතුකමක් පමණක් නොව සමස්ත ජනතාවගේ අරගලයක් බවත් ඒ සදහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ ගුරු-විදුහල්පතිවරු නියෝජනය කරන සංවිධාන ලෙස ශිෂ්‍යන් විසින් මෙතෙක් කරගෙන ආ අරගලයට කොන්දේසි විරහිතව සහයදෙන බවත් ඒ සදහා ඉදිරියේදී ගනුලබන ඒකාබද්ධ ක්‍රියාමාර්ග සමගින් දිවයින පුරා පිහිටි සිය සංගම් එකතුවන බවත් මෙහිදී ඔවුන් සදහන් කරසිටියේය.
මාලඹේ සියිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි අරගලය තුල ආදර්ශයක් පමණක් බවත් ඉදිරියේදී අධ්‍යාපන පෞද්ගලීකරණය පිලිබදව ප්‍රතිපත්තියට එරෙහිව අඛණ්ඩ අරගලයක් ඇති බවත් ඒ සදහා අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව කටයුතු කිරීමට බලපොරොත්තු වන බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සේ මෛති රනිල හවුල් ආණ්ඩුව විසින් සිදුකරගෙන යන අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප්‍රතිපත්තියට විරෝධය පලකරන බවත් අනාරක්ෂිත භීෂණකාරී සමාජයක් නිර්මාණය නොකර මාලඹේ සයටම් හොර උපාධි කඩය අහෝසි කර නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස රජයට බලකර සිටින බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුරු-විදුහල්පති සංගම් ක්‍රියාකාරීන් වැඩිදුරටත් අවදාරණය කරන ලදී.

අරගලයට සහාය පලකරන ගුරු-විදුහල්පති සංගම්.

ජෝශප් ස්ටාලින් - ලේකම් ලංකා ගුරු සංගමය 
මහින්ද ජයසිංහ - ලේකම් ලංකා සේවා ගුරු සංගමය 
දයාරත්න පටබැදී - ලේකම් පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය 
ජගත් ආනන්ද සිල්වා - ලේකම් ස්වාධින අධ්‍යාපන සේවක සංගමය 
මොහාන් පරාක්‍රම වීරසිංහ - ලේකම් ජාතික විදුහල්පති සංගමය 
ගරු යල්වෙල පඤ්ඤාසේකර හිමි - සභාපති සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය 
ඩබ්.ඒ. චන්ද්‍රකුමාර - ලේකම් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය 
මයුර සේනානායක -ලේකම් ප්‍රගති ගුරු සංගමය  
චන්දිමාල් විජේරත්න - සභාපති ස්වාධින ලංකා ගුරු සංගමය 
ඩබ්.ඩබ්.ජේ.එල්.එච්. රොවෙල් - ලේකම් විද්‍යා පීඨ හා පුහුණු ගුරු සංගමය 
උපාලි සෙනවිරත්න - විධායක සභික ඒකාබද්ධ ගුරු සේවා සංගමය 
අරුණ දේශප්‍රිය - ලේකම් බස්නාහිර පළාත් ජාතික ගුරු සභාව 
නිහාල් වීරවංශ - ලේකම් පුරෝගාමී ගුරු සංගමය