විනය වහා පරීක්ෂණ ඉවත් කරනු

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති උපසභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 6 දෙනාට එරෙහිව ගෙනා අත්තනෝමතික විනය ක්‍රියා මාර්ගයන්ට එරෙහිව  ඒවා ඉවත් කරන මෙන් පරිපාලනයට  බලපෑම් කරමින්  (2014/12/03) දින විරෝධතාවක් විශ්ව විද්‍යාලය ඉදිරිපිට පවත්වන ලදී.
මෙසේ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ විධිමත් ලෙස පවත්වමින් තිබු රුහුණ කලා උළෙල වන ඉඩෝර බිම නිවාරන කඳුරැල්ල පිළිබද සිසුන් දැනුවත් කිරීමේ  වැඩසටහනට කළමනාකරණ හා මුල්‍ය පිථාධ්පති තුමිය කඩා පැන එය කඩකාපල් කරදැමීමට උත්සහ කලද එය වියර්ථ වීමෙන් සිදුවූ ලැජ්ජාව සදහා පළිගැනීමක් ලෙසයි.එමෙන්ම ඇය රුහුණ විශ්ව විද්‍යාල ව්‍යවස්ථාව අබිබවා කටයුතු කරමින් තමන් පිථ මණ්ඩල රැස්කර කළමනාකරණ හා මුල්‍ය පිථ ශිෂ්‍ය සංගමය අහෝසි කල බව ප්‍රකාශ කරමින් ලිපියක් නිකුත් කර ඇත. නමුත් උප කුලපති තුමන් පවසන්නේ ඒ පිළිබද දැනුවත් නොමැති බවයි.මිට අමතරව මේ සදහා විරෝධය පා  ඊයේ දිනයේ පෙත්සමක් හා කළු කෝඩි දැමීමක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී