සිසු මර්දනයට එරෙහිව රුහුණු සරසවි සිසුන් උද්ගෝෂණයේ

පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සාමකාමිව පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසියේ සහ ආණ්ඩුවේ මැරන්ගේ ප්‍රහාර එල්ල වීම හා සිසුන් 40 දෙනකු පන්තිතහනමට ලක්කිරීමට විරෝධය පාමින් අද රුහුණ සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මගින් දැවන්ත උද්ගෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.
මේ සදහා රුහුණ විශ්වවිද්‍යයලයේ සිසුන් විශාල පිරිසක් සහභගීවු අතර උද්ගෝෂණ ව්‍යාපාරය තුල සිසුන් නැවත නැවතත් කියා සිටියේ අද වනවිට ආණ්ඩුව මගින් ගෙනයන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලිය වහ නතර කළ යුතු බවයි.  එය එසේ නොවුනොත් ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව හා සරසවිවල ස්වාධීනත්වය රැකගැනීම සදහා මීට වඩා දැවැන්ත ක්‍රියාමාර්ග වලට එළබෙන බවද සිසුහු ප්‍රකාශ කළහ.