ආණ්ඩුවේ කුලී හමුදා මැර පිරිසක් පහරදීමෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රෝහල්ගත කෙරේ...
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන හට කොළ පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි මුහුණු ආවරණයකරගත් 10 ක පමන මැර පිරිසක් ඊයේ රාත‍්‍රියේ (13/01/16) 9.30 ට පමණ පහරදී ඇත. පහරදීම සදහා යකඩ පොලූ මුගුරු භාවිතා කර ඇති අතර මෙම පහරදීමට පැමිණ ඇති රථයේ අංකතහඩු තිබී නොමැත.
මෙම ඩිපෙන්ඩර් රථය සමග අංකතහඩු නොමැති කාරයක්ද ඊයේ දහවල් කාලයේ සිසු නේවාසිකාගාරය ඉදිරිපස සැරිසැරූ බව ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කළහ. මෙහිදී සිසු නායකයා පැහැරගැනීමට මැරපිරිස උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේ ඔහු අසල තිබූ වෙළදසැලක් තුළට දිවගොස් ඇත. මෙහිදී මැරයන් වෙළදසැලටද පහර දී ඇති අතර එහිදී ප‍්‍රදේශවාසීන් එකතුවීම නිසා. මැර පිරිස පලා ගොස් ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසු නායකයා මේ වන විට මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මෙම පහරදීම දිගින් දිගටම සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරයන්ගේම දිගුවක් බවත් ආරක්ෂක අංශ යොදා කරන මෙවැනි පහරදීම් වල අරමුණ. අධ්‍යාපන අයිතිවෙනුවෙන් සටන් කරන සිසු නායකයින් මර්දනය කර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන ඒම බවත් ශිෂ්‍ය ව්‍යාපාරය කිසිවිටකත් එයට ඉඩ නොතබන බවත් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයකු ප‍්‍රකාශ කළේය.