රජරට කාන්තා නේවාසිකාගාර අසල ගෝඨාගේ කුලී හේවායින් බීමතින් යකා නටයි...
රජරට විශ්වවිද්‍යාලයේ කන්තා නේවාසිකාගාරයක් අසල දී රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් නිළධාරියකු බීමත්ව යකා නටා ඇතැයි වාර්තා වේ.
ඊයේ (30) රාත්‍රී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ස්වර්ණපාලි නේවාසිකාගාරය අසල මුරකුටියේ රාජකාරියේ යෙදී සිටි රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් ආරක්ෂක නිලධාරියා සේවයේ යෙදී ඇත්තේ ඔලුව කෙලින් කර ගත නොහැකි තරම් බීමතින්ය.
නේවාසිකාගාරයේ අසල මේසයක් මත වැතිරී සිටි ආරක්ෂක නිලධාරියා දුටු ශිෂ්‍යාවන්පිරිසක් ඒ පිලිබඳ අදාල නේවාසිකාගාරයේ පාලිකාවට දැනුම් දීමෙන් අනතුරුව පාලිකාව විසින් ඒ පිලිබඳවඅභ්‍යන්තර ආරක්ෂක අංශයට දුරකථනය ඔස්සේ දන්වා ඇත.එම අවස්ථාවේ එම ස්ථානයට අභ්‍යන්තර ආරක්ෂක අංශය වෙනුවට පැමිණ ඇත්තේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ ස්ථාන භාර නිලධාරියායි.නේවාසිකාගාර පාලිකාව විසින් අභ්‍යන්තර ආරක්ෂක අංශයේ කවුරුත් ආවේ නැත්දැයි ප්‍රශ්න කල විට ස්ථාන භාර නිලධාරියා තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත්තේ තමන් අභ්‍යන්තර ආරක්ෂක අංශයේ නිලධාරීන් වන බවත් තමන්ට රාජකාරි ඉගැන්වීම් අනවශ්‍ය බවත්ය.මෙහිදී බීමතින් සිටි ආරක්ෂක නිලධාරියා ඇතුළු පිරිස විසින් ශිෂ්‍යාවන්ට හා පාලිකාවට බැන වැදී ශිෂ්‍යාවන්ගේ ඡායාරූප කිහිපයක්ද ලබාගෙන ඇත.
මෙහි අවධානය යොමු කලයුතු ප්‍රධානතම කාරණය වන්නේ ස්වර්ණපාලි නේවාසිකාගාරය, ඥානම් නේවාසිකාගාරය ඇතුළු කාන්තා නේවාසිකාගාර රැසක් අසල රාජකාරියේ යෙදී සිටින ආරක්ෂක නිලධාරීන් රැසක් රාත්‍රියේ ගත කරන්නේ බීමතින් වන අතර ඒ පිලිබඳ රක්නා ලංකා ආරක්ෂක අංශයේ ඉහල නිලධාරීන් ද දැනුවත් ව තිබීමයි. ඒ බව සිද්ධිය වීමට පැය භාගයකට, එනම් රාත්‍රී 10.30 ට පමණ භුමි පරීක්ෂාවට පැමිණි රක්න ලංකා ස්ථාන භාර නිලධාරියා, සේවයේ දී සිටි ආරක්ෂක නිලධාරියාට “අද ටිකක් වැඩියි වගේ නේද ?” යනුවෙන් ප්‍රකාශ කිරීම ඔස්සේ පැහැදිලි වේ. ආරක්ෂක අංශයක කාර්ය භාරය වන්නේ එම ආයතනයට අදාල දේපල හා පුද්ගලයන් ආරක්ෂා කිරීමත් යම් කිසි ගැටළුවක් පැන නගින අවස්ථාවකදී ඒ සඳහා මැදිහත් වී අවශ්‍ය පියවරක් ගැනීමත්ය. කාන්තා නේවාසිකාගාරයක් වැනි ස්ථානයක් අසල පැනනැගිය හැකි ගැටළු සාපේක්ෂ වශයෙන් වැඩි බැවින් සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ වෙනස් ස්ථාන වලටත් වඩා අවධානයෙන් හා වගකීමෙන් සිටින ආරක්ෂක නිලධාරීන් යෙදවීමයි. එහෙත් සිදු වී ඇත්තේ හාත්පසින්ම වෙනස් දෙයකි.
සරසවි සිසුන් ඇතුලු මහජන විරෝධය මැද මීට වසර කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යන්ශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට අයත් මෙම ආරක්ෂක සේවය සරසවි වලට යොදවන ලදී. මෙහිදී බඳවාගැනීමට අදාල ටෙන්ඩර පටිපපාටියටද පටහැනිව, ඉතා විශාල මුදලක් නාස්තිකරමින්, කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව සිදුකරන ලදී.