හමුදා බුද්ධි අංශය ශිෂ්‍ය නායකයින් ලුහුබඳී...
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ‘සඟරා සංස්කාරක’වරයා පසු පස ලූහුබැඳ ගිය පුද්ගලයන් දෙදෙනකු ගම්වාසීන් විසින් අල්ලා බලපිටිය පොලිසියට භාරදීමෙන් පසුව නිදහස් කොට යවා ඇත.
මෙම සිදුවීම පසුගිය 21 වන දින සිදුවී ඇති අතර අදාල පුද්ගලයන් දෙදෙනා හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට සැක කෙරේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් ලෙස පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා විසින් ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා යැයි කියමින් ශිෂ්‍යයාගේ පෞද්ගලික තොරතුරු සොයා ඇති අතර එම උත්සාහය අසාර්ථක වී තිබේ.