සරසවි සිසු නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්...
කොළඹ අපරාධ විමර්ශන අංශය මගින් තවත් සරසවි සිසු නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් වාර්තා වේ.
කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී රජයේ දේපොළවලට හානි සිදුකළේ යැයි චෝදනා නගමින් පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා අත්අඩංගුවට ගත් අතර දැනට ඇප මත නිදහස්කර සිටී.
මේ අතර සංජීව බණ්ඩාර සහෝදරයට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා නගමින් තවත් සරසවි සිසු නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සැරසේ.
එම චෝදනාව මත සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වා ඇති අතර දැනට ඇප මත සිටින සංජීව බණ්ඩාර සහෝදරයට වෙනත් චෝදනා ගොනුකර ඇති බවද පැවැසේ.