ආචාර්යවරු මහ නාහිමිවරුන් හමුවෙති...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ මල්වතු, අස්ගිරි මහනායක හිමිවරුන් හමු විය. එහිදී තමන්ගේ ගැටලු පිළිබඳව මහ නා හිමිවරුන් දැනුවත් කළ බව එම සමිති සම්මේලනය පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට තමන් මැදිහත් වන බව මහ නාහිමිවරුන් පැවසූ බවද එම සමිති සම්මේලනය පවසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීමට තමන් සූදානම් බව පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු පැවසූහ. ඊට ප්‍රතිචාර වශයෙන් එම මැදිහත් වීම පිළිගන්නා බව ආචාර්යවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබේ.