ජාත්‍යන්තර පාසල්වල ළමා අපයෝජන...

ජාත්‍යන්තර පාසල් නමින් හඳුන්වන මුදල් අය කර උගන්වන පාසල්වල සිදු වන ළමා අපයෝජන රැසක් පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පවසන්නේ, ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කළ යුතුව ඇති බවයි.

ජාත්‍යන්තර පාසල් විභාල ලෙස ලාභදායී ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. රජයේ පාසල්වල අධ්‍යාපනය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීමත්, රැකියාවක් ලබා ගැනීම සඳහා නම් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගෙන තිබිය යුතු බවට වන මතයත් නිසා යම් ආර්ථික මට්ටමක් සහිත දෙමාපියෝ සිය දරුවන් ජාත්‍යන්තර පාසල් (අධ්‍යාපන කඩ)වලට යවති. එම පාසල් සම්බන්ධයෙන් රජයේ නිසි වගකීමක් නොමැති අතර ඒවායේ සිදු කෙරෙන අධ්‍යාපන හා ශික්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ර‍ජයේ නිසි ඇගැයීමක් නැත. ලාභ රේට්ටුව පහළ යනවාට ඇති බිය නිසා එම පාසල් හිමි මුදදාලිලා, ජාත්‍යන්තර පාසල් තුළ සිදු කෙරෙන ළමා අපයෝජන ප්‍රසිද්ධ වීමට ඉඩ නොදී සඟවාගෙන සිටින බවටද චෝදනා එල්ල වී තිබේ.
තත්වය මෙසේ තිබියදී ආණ්ඩුව තවදුරටත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තියක සිටීම ගැටලු සහගතය.