විරු සිසු සැමරුම - සෞන්දර්ය විශ්වවිද්‍යාලය...
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය සිසුන් ජානක බණ්ඩාර සොයුරා හා සිසිත ප්‍රියංකර සොයුරා ඇතුලු විරු සිසුවන් සැමරීම සඳහා විරු සිසු සමරුවක් 2012.10.18 දින සංවිධානය කර තිබිණි. එම වි.විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයද මේ සඳහා සහභාගී වී සිටියහ.
අ.වි.ශි.බ.ම. නියෝජනය කරමින් එහි පැමිණ සිටි කැළණිය වි.විද්‍යාලයීය ම.ශි.ස. සභාපති සුරංජිත් බණ්ඩාර සහෝදරයා විසින් ප්‍රධාන සමරු දේශනය සිදු කලහ. වියෝ වේදනාවෙන් හදවත් පුරවාගෙන කඳුළු සලනවා වෙනුවට ඔවුන්ගේ ජීවිත වල ගැබ් වී තිබූ මානුශීය සාරය විකසිත කරමින් නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් යහපත් ලොවක් ගොඩනැගීමට සියලු සිසුන් ඒකරාශී විය යුතු බව සුරංජිත් සහෝදරයා එහිදී අවධාරණය කරමින් පැවසීය.
එමෙන්ම තමන් සරසවි ශිෂ්‍යයන් ලෙස ඉගෙනුම ලැබූ කාලයේ පටන්ම අද දක්වාත් රටේ අධ්‍යාපනය සුරැකීමේ වගකීම ඉෂ්ට කල බවත් දැන් ආචාර්යවරුන් ලෙසත් සිසුන් සමග එක් වී ඉදිරියටත් මෙම සටන කරගෙන යන බවත් වි.වි.ආචාර්ය සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කල සෞන්දර්ය කලා වි.වි.අචාර්ය සංගමයේ ලේකම් ජගත් රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. සෞ.වි.විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් සභාපති සාගර මධුසංඛ සොයුරා සිය අදහස් පවසමින් කියා සිටියේ සැලසුම් සහගත ලෙස අසාධාරණ ලෙස සිසුන් මරා දමමින් මේ සිදුකරන පහත් ක්‍රියා හෙලා දකින බවත් මෙවැනි දූශිත ක්‍රියාවන් හමුවේ කිසිලෙසකත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට පාලකයින්ට හැකියාවක් නොමැති බවත්ය.