සිසු නායකයන්ගේ මරණ සූක්ෂමව සිදුකරන ලද්දක්: ගවේශනයකින් සැකය තහවුරු වේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රීපති සූරියආරච්චි මහතා සේම බරපතල සැක කටයුතු රිය අනතුරකින් සිසු ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ක‍්‍රියාධරයන් දෙදෙනෙක් වූ හසිත ප‍්‍රියංකර සහ ජානක බණ්ඩාර යන සිසු දරුවන් දෙදෙනාගේ ඊයේ වූ මරණ හදිසි අනතුරක් සේ පෙන්වූවද සූක්ෂමව සිදුකළ ඝාතනයක් බවට බරපතල සැක මතුකරන බව ලංකා ඊ නිව්ස් කරන ලද ගවේශනයකින් තහවුරු වේ.
ඒ පිලිබඳ ගවේශන දත්ත මෙසේය.
පොලිසියේ ක‍්‍රියාකලාපය
---------------------------

නුවර පාරේ ඉඹුල්ගොඩ හන්දියට නුදුරින් සිදුවූ මෙම මරණ පිළිබඳව පළමුවෙන්ම වාර්තා වන්නේ ගම්පහ පොලිස් මූලස්ථානය මගින් පාලනය වන පොලිස් මුරපොලක් වූ වැරැල්ලගම පොලිස් මුරපොලටය. ඒ පිළිබඳ ඔවුන් වාර්තා තබා ඇත්තේ ඊයේ(27)අලූයම 5.30ටය. (අනතුර සිදුවූවා යැයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අලූයම 4.30ට සිදුවූ බවකි. සටහන තබා ඇත්තේ පැයක ප‍්‍රමාදයකිනි)
ඒ අවස්ථාවේ වැරැල්ලගම පොලිස් මුරපොලේ සිටියේ නිලධාරීන් දෙදෙනෙකි. උප පොලිස් පරීක්ෂක ගාමිණී විසින් සටහන් තබා තවත් උප පොලිස් පරීක්ෂකයෙකු වූ එස්.ආර්.බී. රවීන්ද්‍ර නම් නිලධරයා මේ ගැන පරීක්‍ෂා කරන ලෙස යොදවා තිබේ.
ඊයේ මධ්‍යම රාත‍්‍රිය වන විටත් ගම්පහ පොලිස් මූලස්ථානයේ පොලිස් පොත් වල සටහන්ව ඇත්තේ වැරැල්ලගම පොලිස් මුරපොලේ එස් අයි රවීන්ද්‍ර අනතුරක් ගැන පරීක්‍ෂා කිරීමට ගිය බවත් පරීක්‍ෂණයේදී අංක ඩබ්.පී. පී.ඒ. 9507දරණ මෝටර් සයිකලය අනතුරට පත්ව දෙදෙනෙකු මියගොස් සිටි බවත් එස් අයි රවීන්ද්‍ර යළි පැමිණි බවත් පමණි. පොලිස් භාෂාවෙන් කියනවා නම් අඩුම ගණනේ මෙය ‘හිට් ඇන්ඩ් රන්’ අනතුරක් ලෙස සැක යයි කියා හෝ සටහනක් නැත.
අද දහවල් කොතෙක් පරීක්‍ෂණ පැවැත්වූවා සේ පෙන්වූවද ඒ එකදු පරීක්‍ෂණයක හෝ වාර්තා පොලිස් පොත් වල අද මධ්‍යම රාත‍්‍රිය වනතුරු අලවා තිබුනේ නැත.
එසේ විය නොහැක. මාරක රිය අනතුරක් සිදුවූ පසු එම මාරක රිය අනතුර සිදුවූ ස්ථානයට රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු ගොස් ඒ පිලිබඳ වාර්තාවක් සකස් කළ යුතු යැයි 2007වසරේ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක‍්‍රලේක 3ක් මගින් නිවේදනය කර තිබේ. රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු හෙවත් ‘ගැසටඩ් ඔෆිසර්’ කෙනෙක් යනු සහකාර පොලිස් අධිකාරී තනතුර හෝ ඊට ඉහල තනතුරු දරණ නිලධාරියෙකි.
දෙදෙනෙකුට මරණය කැඳවූ රිය අනතුරක් සිදුව තිබුනද ඉහල පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් එම ස්ථානයට ගියද ඒ කිසිවෙකුගේ නිල වාර්තාවක් මේ වන තුරු පොලිසියේ නැත. තිබේනම් පළමුවෙන්ම එවැන්නක් තිබෙන බව වාර්තා විය යුත්තේ ගම්පහ මූලස්ථාන පොලිසියේ ය. නමුත් එවැන්නක් නැත.
අඩුම ගණනේ ගම්පහ රථ වාහන අංශයේ ස්ථානාධිපති වරයා විසින් මාරක රිය අනතුරේ විමර්ශන වාර්තාවක් සකස් කළ යුතු අතර ඊට ඇසූ දුටු අයගේ සාක්ෂි, ඥාතීන් ගේ සාක්ෂි, අවසන් වරට සිටි අයගේ සාක්ෂි, පරිවේශනීය සාක්ෂි ලබා ගැනීමට ගත් ක‍්‍රියාමාර්ග ආදිය සටහන් තැබිය යුතු වුවත් 27දා අලූයම සිදුවූ මරණ සම්බන්ධයෙන් 27මධ්‍යම රාත‍්‍රිය දක්වා එවැනි කිසිදු වාර්තාවක් තබා නැත.
නමුත් පොලිස් ප‍්‍රකාශකවරයා මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයක් ගැන පවා කියයි. මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයකට ප‍්‍රථම මාරක රිය අනතුරකදී ප‍්‍රදේශය බාර පොලිස් රථ වාහන අංශය විසින් කළ යුතු බොහෝ දේ තිබියදී ඒ සිදුකළා යැයි පෙන්වූවද ඒ ගැන වාර්තා තබා නැත. මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ සිදුකළද අධිකරණ ක‍්‍රියාමාර්ගයකදී මූලික වාර්තා වැදගත් වන බැවින් එවැනි වාර්තා නොතැබීම බරපතල සැක මතුකරවන්නකි.
අනතුර පිළිබඳ නිරීක්ෂණ:
----------------------------
01. අනතුර සිදුවූ ස්ථානය මාරාන්තික වංගුවක් හෝ අනතුරු දායක වංගුවක් නොවේ. එවැනි වංගුවක් නම් තිබිය යුතු මාර්ග සංඥා කිසිවක් මෙහි නැත. මෙම මාර්ගය අද ඊයේ විවෘත කළ මාර්ගයක් ද නොවේ. එම නිසා මෙතැන මාරාන්තික අනතුරු මීට පෙර සිදුවූවා නම් අනිවාර්යයෙන්ම අනතුරු අඟවන මාර්ග සංඥා තිබිය යුතුය. මෙම ස්ථානය පැයට කිලෝ මීටර් සියයක වේගයෙන් ගියද අනතුරක් සිදුවිය හැකි වංගු සහිත ස්ථානයක් නොවේ.
02. මෙම සිසු දරුවන් දෙදෙනා වම් පසින් ගමන් ගත්තද හැපී ඇත්තේ දකුණු පස කණුවකය, කණුවේ වැදී කොන්ක‍්‍රීට් තාප්පයකද වැදී තිබේ. එසේ වූයේ ගමන් ගත් මෝටර් සයිකලය ලිස්සා යෑමෙන් හෝ පාලනය කර ගත නොහැකි වීමෙන් සිදුවූ අනතුරක් නම් ඒ පිලිබඳ ටයර් සලකුණු මාර්ගයේ තිබිය යුතුය. මෝටර් සයිකලයක් යනු රෝද දෙකේ වාහනයක් බැවින් ඒ ටයර් සලකුණු සමාන්තරව තිබිය නොහැක. සමාන්තරව ටයර් සලකුණු තිබේනම් ඒ සයිකලයක් විය නොහැක.
03. මෙහි ඇති සේයාරූ බලන්න. වම් පසින් පැමිණි වාහනය පාරෙන් අනෙක් අතට බොහෝ සෙයින් ගොස් දකුණු පස කණුවේ හැපී තිබේ. ඊට පෙර සමාන්තර ටයර් දෙකක සළකුණු සටහන් වේ. මෙවැන්නක් සිදුවූයේ කෙසේද? දෙවන රූපයේ ඇති තවත් මාර්ග සලකුණක් වසා දැමීමට කළ උත්සාහය හොඳින් පෙනේ.
පොලිසිය පවසන්නේ එය එම මාර්ගයේ යන අනෙකුත් වාහනවලින් වැටුණු පස් වලින් සිදුවූ ලකුණු විය හැකි බවයි. එය පිලිගත නොහැක්කේ අනෙකුත් වාහනයකින් එසේ පස් වැටුනා නම් එතැනට පමණක් පස් වැටුනේ කෙසේද යන්නයි
04. අනතුරට පත් සිසුන් දෙදෙනාගේ ලේ පැල්ලම් ඉතිරිව නැත. ඔවුන් ජීවිතය බේරා ගැනීමට කළ කිසිදු ක‍්‍රියාවක සටහනක් නැත. අඩුම ගණනේ මෝටර් සයිකලය බ්‍රේක් පාරක් හෝ ගසා නැත. කෑ ගැසුවා නම් ඇසුණු කෙනෙක් නැත. සිටියද ඉදිරිපත් වෙන්නේ නැත.
05. පසුගියදා මෝටර් රථය තාප්පයක හැප්පී රිය ගිනිගෙන මිය ගියා යැයි කී රගර් ක‍්‍රිඩකයාගේ මාරක අනතුර ගැනද මෙහිදී සිහිපත් වේ.
ලංකා ඊ නිව්ස් ගවේශනය ඉහත සඳහන් වන අතර මෙම අනතුර සම්බන්ධයෙන් 27 සවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සංජීව බණ්ඩාර සිසුවා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මෙසේ කීවේය.
අ.වි.ශි.බ.ම. ඉදිරිපෙළ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වු ජානක ඒකනායක හා සිසිත් පි‍්‍රයංකර යන සහෝදරවරුන්ගේ හදිසි අභාවය පිළිබඳ මීට ඉහතදී අප ඔබ දැනුවත් කළෙමු. ඒ අනතුර පිළිබඳ පැහැදිලි සැකයක් අපට මතු වී තියෙනවා. ඒ සඳහා බලපාන තොරතුරු මෙසේය.
01.මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේ, මෝටර් රථයක් සමග පැමිණි මෙම මෝටර් බයිසිකලය අනතුරට මුහුණපෑවේ අදාළ ස්ථානයේදී ඉහත මෝටර් රථය පැදවූ පුද්ගලයා විසින් මෝටර් බයිසිකලය දෙසට මෝටර් රථය හැරවීම නිසා ඔවුන් පාරෙන් විසිවී ගොස් විදුලි සම්පේ‍්‍රෂණ කණුවක හැපුණු බවයි. රථය කිසිදු සොයා බැලීමකින් තොරව එම ස්ථානයෙන් පළාගොස් ඇත.
02. අ.වි.ශි.බ.ම වැඩබලන කැඳවුම්කරු ලෙස කි‍්‍රයා කළ චින්තක රාජපක්ෂ සහෝදරයා අද දිනම අලූයම එම මෝටර් සයිකලයෙන් යක්කල නගරයට පැමිණ නැවත සරසවි සිසුන් නවාතැන් ගෙන සිටි ස්ථානය වෙතට යන විට මෙවැනිම ආකාරයේ හඹා ඒමකට (මොටර් සයිකල් වලින්) ඔහුට මුහුණදීමට සිදුවිය. පසුව ඔහු එය මගහැර සරසවි සිසුන් නවාතැන් ගෙන සිටි ස්ථානයට ගියේය. එලෙස තමා පැමිණි මෝටර් සයිකලය ජානක හා සිසිත් සහෝදරවරුන්ට ලබාදුන් ඔහු, ජානක ඒකනායකට තමා මුහුණ දුන් අත්දැකීම පවසා ප‍්‍රවේශමෙන් යන ලෙස පවසා ඇත.
03. පසුගිය දින දෙක තුළම රාති‍්‍රයේ නතර වුණු ස්ථාන වලදී සිසුන් පසුපස මෙලෙස මෝටර් සයිකල් හා පුද්ගලයින් හඹා ආ අවස්ථා කිහිපයක්ම සිදුවිය.
04. මෙම අනතුර සිදුවූ ස්ථානයට උදෑසනම බුද්ධි අංශ නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් හා පොලීසියේ උසස් නිලධාරීන් පවා පැමිණ තිබුණි. ඔවුන් මෙලෙස හදිසි අනතුරකට මැදිහත් වන්නේ ඇයිද යන්නද ගැටලූ සහගතය.
සරසවි පද්ධතිය තුළ ආණ්ඩුවට නැගී එන විරෝධය මර්දනය කර, තලා පොඩිකර සිසුන් බියවැද්දීමේ අවශ්‍යතාවයක් පාලකයන්ට ඇත. විටෙක ඔවුන් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම හරහා ඒ සඳහා වන නිල ප‍්‍රවේශය ගත් අතර, ඒ තුළත් ශිෂ්‍ය විරෝධය තවත් උත්සන්න වුණා. ඔවුන් එම කි‍්‍රයාමාර්ගය ඉක්මනින් ආපසු හරවා තව කි‍්‍රයාමාර්ගයකට ප‍්‍රවේශවීමට සිතීම තර්කානුකූලය.
මේ සියලූ කරුණු වලින් ඉහත අනතුරු පිළිබඳ සැකයක් පවතින අතර එය සැලසුම් සහගත අනතුරක් බව අප කියා සිටිමු. ‘සුදුවෑන්’, ‘වෙඩි තැබීම්’ වෙනුවට පාලකයන් අලූතින්ම සොයාගත් මර්දන උපක‍්‍රමය මෙය විය හැක. ඒ නිසා මෙය පළමු මෙහොතේම හෙළිදරව් කළ යුතු බව අප තදින් විශ්වාස කරමු. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙතරම් නරුම අදියරකට ඇද දමනවා නම් එය මහා ව්‍යසනයක පෙර නිමිත්තක්ය
(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)