දින පහක දැවැන්ත පාගමන 24 දින නුවරින් ඇරඹේ...

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දින පහක දැවැන්ත සිසු පාමනක් සංවිධානය කර ඇත. එම පාගමන 24 දින උදෑසන 9.00 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භව 28 දින කොළඹදී අවසන් කිරීමට මේවන විට සියලු කටයුතු සංවිධානය කර ඇත.


එම විරෝධතා පාගමනේ සටන් පාඨ අතර,

* නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු

* අධ්‍යාපනයේ සම අයිතිය දිනාගැනීමට පෙළගැසෙමු

* අචාර්ය, අනධ්‍යයන සේවක ගැටලූ විසඳා සරසවි වහා විවෘත කරනු

* පාසල් වසා දැමීම හා පාසල් තුළ මුදල් අයකිරීම වහා නවතනු 

* පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු - අධ්‍යාපනයට ද.දේ.නි 6%ක් වෙන් කරනු
* නිදහස් අධ්‍යාපනය සුරැුකීමේ සටනේදී අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු සංජීව බණ්ඩාර
   සහෝදරයා නිදහස් කරනු

* මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු 

* අධ්‍යාපන ආයතන මිලිටරීකරණය හා ශිෂ්‍ය මර්දනය වහා නවතනු

 මූලික වේ.


පළමු දින -
                ආරම්භය - පෙරවරු 9.30 පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට
                අවසානය - පස්වරු 6.30 මාවනැල්ල නගරය

දෙවන දින -
                ආරම්භය - පෙරවරු 9.30
                අවසානය - පස්වරු 6.30 අඹේපුස්ස නගරය

තෙවන දින -
                ආරම්භය - පෙරවරු 9.30 අඹේපුස්ස නගරය
                අවසානය - පස්වරු 6.30 නිට්ටඹුව නගරය

සිව්වන දිනය -
                ආරම්භය - පෙරවරු 9.30 නිට්ටඹුව නගරය
                අවසානය - පස්වරු 6.30 කැලණිය නගරය

පස්වන දින -
                ආරම්භය - පෙරවරු 9.30 කැලණිය නගරය