සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරනු - මානවහිමිකම්, වෘත්තීය සමිති, දේශපාලන ක්‍රියාකාරිකයින්...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරනලෙස ආණ්ඩුවට‍ බලකරමින් මානවහිමිකම් ක්‍රියාකාරිකයින්, වෘත්තීය සමිති, දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුලු විවිධ පාර්ශවයන් ආණ්ඩුවට බලකර සිටී. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ (CSR) ඊයේ (21) දින ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මෙසේ අදහස් දක්වන ලදී.

සිරිතුංග ජයසුරිය - එක්සත් සමාජවාදි පක්ෂය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා නිදහස් අධ්‍යාපනය රැුකගැනීමේ සටනේ පුරෝගාමී මෙහෙවරක් කරන අයෙක්. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන තුන් කට්ටුවේ මේ ආණ්ඩුව සංජීව බණ්ඩාරව මේ විදිහට අත්අඩංගුවට ගන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන නවත්තන්න හිතාගෙන. සිසුන් තනිව අරගල කලා, ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය රැුකගැනීම වෙනුවෙන්. එනිසා දැන් කම්කරු පන්තියේ සහයෝගයත් සිසුන්ට ලබාදිය යුතුයි. කම්කරුවෝ තමන්ගේ වැඩ බිම් ඇතුළෙ වැඩ වර්ජන කරමින් මේ සටනට සහය දිය යුතුයි.

නිර්මාල් රංජිත් දේවසිරි - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය.

විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තීය සමිති සම්මේලනය ලෙස මේ අවස්ථාවේ අපගේ ස්ථාවරය සංජීව බණ්ඩාර වහා නිදහස් කළ යුතුයි. පැහැරගැනීම් හා අතුරුදහන් වීමේ අතීතයක් ඇතුළෙ අත්අඩංගුවට ගැනීම තරමක යහපත් ප‍්‍රවනතාවක් කියලා හිතෙන යථාර්ථයක තමයි අපි ඉන්නේ. මේ රටේ නීතිය අන්තිම අසාධාරණයි. සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීම පොලිසිය කියන පරිදි අගෝස්තු 29 සිද්ධියට අදාළ දෙයක් නෙමෙයි. පොදුවේ රට පුරා ඇතිවී තිබෙන අධ්‍යාපන අර්බුදය මැඩපවත්වන්න කරපු තර්ජනයක්. ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු නවත්වන්න කරපු වැඩක්. පුරවැසියන් ලෙස අපි මේක බරපතලව ගත යුතුයි. මෙවැනි මෝඩ ආකාරයට හැසිරෙන පාලක පිරිසක් රටට සිටීම අවාසනාවක්. ‘‘යුද්දෙන් පස්සේ හැමදේම අපිට ඕන විදිහට විය යුතුයි, කාක්කෙක් මැස්සෙක් වත් අපිට ඉහළින් පියාඔන්න බෑ’’ කියලා හිතන එක ආණ්ඩුවේ වරදක්. බලය ඇති පිරිස විසින් නීතිය අවභාවිතා කිරීම පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු අතර අපි රජයට කියනවා මෙවැනි වැඩ වලින් අර්බුදය සමනය වෙන්නේ නැහැ. මේ අර්බුදය තවත් උඩුදුවන්න දෙන්නෙ නැතුව වහාම විසඳුමක් දෙන්න කියලා ඒ වගේම වහාම සංජීව බණ්ඩාර නිදහස් කරන්න කියලා.

නීල් විජේතිලක - නව සම සමාජ පක්ෂය.

සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීම අපි තරයේ හෙළා දකිනවා. පසුගිය කාලය පුරාම ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අන්තරේ සටන් ක‍්‍රියාමාර්ග වල හිටියා. ඔවුන් තනිව සටන් කිරීම නවතා අනිත් බලවේග එක්ක එකතු වෙන්න හදද්දි මේ ආණ්ඩුව ඔවුන්ව තනි කරලා පහරදෙනවා. ආචාර්ය ඉල්ලීම් හා ශිෂ්‍ය සටන් නිසා අධ්‍යාපන ප‍්‍රශ්නය පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වෙලා තිබෙනවා. ශිෂ්‍යයන්ව මර්දනය කිරීමෙන් පොදු බලවේගයෙන් ශිෂ්‍යාව තනි කරන්නයි උත්සහ කරන්නේ. බිය වැද්දීම් වලින් සටන් නවත්වන්න බෑ. ශිෂ්‍යන්ව රැුකගැනීම වෙනුවෙන් අපි සියළු දෙනා එක්ව පෙළ ගැසිය යුතුයි. එමෙන්ම අපි මේ රජයට බලකර සිටිනවා බොරු චෝදනා කරලා සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරව නිදහස් කරන්න කියලා.

සමන් රත්නප‍්‍රිය - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

සංජීව අත්අඩංගුවට ගැනීමට සියළු වෘත්තීය සමිති වල විරෝධතාව අපි ප‍්‍රකාශ කරනවා. නිදහස් අධ්‍යාපනය රැුකගැනීමේ අරගලයේ තමයි සංජීව අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් සිටියේ. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ හා ශිෂ්‍යන්ගේ සටන එකට සමපාත වූ මොහොතක අන් සියළු බලවේග එකට එකතු වෙද්දි ඒක මර්දනය කිරීම තමයි මේ කරන්නේ. තමන්ට ඇති ප‍්‍රශ්න වලට සටන් කිරීමට හැමෝටම අයිතියක් තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අපි පෙළ ගැසෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය ශිෂ්‍යයන්ට සහය පළකරනවා වගේම රජයට අපි අවධාරණය කර සිටිනවා සංජීව බණ්ඩාර නිදහස් කරන්න කියලා.

ධර්මසිරි ලංකා පේලි - වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය.

අධ්‍යාපන සටනේ ප‍්‍රධාන නියමුවා තමයි සංජීව බණ්ඩාර. ඔහුව අත්අඩංගුවට ගන්නවා නෙමෙයි පැහැරගන්නවා. ඔහු ඒ මොහොතෙත් නිදහස් අධ්‍යාපනය දිනා ගැනීම සඳහා වූ අරගලය වෙනුවෙන් දී විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, ආචාර්යවරුන්, දෙමාපියන් ඒකරාශි කරමින් විශාල සමාජ මතයක් ගොඩ නඟමින් හිටියේ. ආණ්ඩඅව හිතනවා සංජීව අත්අඩංගුවට මෙම සටන නතර වෙයි කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. ඊයේ දිනයේ දීත් ලංකාව පුරා සිටින ශිෂ්‍යයන් පාරට බැස්සා සංජීව නිදහස් කර ගැනීම උදෙසා. මේ කරන වැඩවලින් පේන්නේ ආණ්ඩුව ළඟදිම වැටෙනවා කියන එකයි.

සංජීව දූකයෙක්, මිනීමරුවෙක් නෙවෙයි. ඔහු ජනතාව අතර ඉන්න සමාජ ක‍්‍රියාකාරිකයෙක්. තක්කඩි මාලක සිල්වා අල්ලන්න පොලීසියට ගොඩක් කල් ගියත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන සංජීව බණ්ඩාර ව පොලීසිය විසින් ඉතා සුළු නිමේෂයකින් අත්අඩංගුවට ගත්තා. මේ මර්දනය අභියස නිදහස් අධ්‍යාපනය අරගලය තව තවත් ශක්තිමත් වනවා මිස දුර්වල වෙන්නේ නෑ. අපි ආණ්ඩුවට බල කර සිටිනවා අස්ථාන චෝදනා මත අත් අඩංගුවට ගත් සංජීව බණ්ඩාර වහා නිදහස් කරන ලෙසට.

සුරේන්ද්‍ර අජිත් - ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාවොවාදි)).

අන්තරේ ගෙන යන සටනේ ඵෙතිහාසික ක‍්‍රියාවලිය අවබෝධකර ගත්තොත් සංජීව නිදහස් කර ගැනීම පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් බවට පත්විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපනය ගරා වැටීමට ඇරලා පෞද්ගලික කඩකාරයන්ට ඉඩ හැරීමට රජයට ඇති මූලිකම බාධකය තමයි අන්තරේ. ශිෂ්‍ය ව්‍යාපාරය තමයි අධ්‍යාපන සටනේ ප‍්‍රධාන බලවේගය. අන්තරේ නැති කරන්නේ නැතිව නව ලිබරල්වාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නගන්න ආණ්ඩුවට බෑ. ඒකට තමයි සංජීව ව අත්අඩංගුවට ගත්තේ. ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ අධ්‍යාපනයේ සම අයිතිය ලබා ගැනීම උදෙසා. කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර, බැටන් පොලූ වලින් මේ අරගලය නවත්වන්න බැරි නිසා තමයි අවසානයේ දී සංජීව අත් අඩංගුවට ගත්තේ. මේක අන්තරේ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි අපි හැමෝගෙම ප‍්‍රශ්නයක්.

සුමිත් චාමින්ද - ෆැක්සිස් එකතුව.

ලංකාවේ නිල විපක්ෂය වැටිලා. අධ්‍යාපන ක්ෂ්ත‍්‍රය ඇතුළේ අන්තරේ, FUTA, අනික් වෘත්තීය සමිති එකතු වුනු තැනතමයි සැබෑ විපක්ෂය. මේ තත්ත්වය තුළ තමයි සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. ඇත්තෙන්ම මේක අත් අඩංගුවට ගැනීමක් නෙවෙයි. පැහැර ගැනීමක්.

අධ්‍යාපන ගැටලූව කියන්නේ පොදු ගැටලූවක්. මේ අරගලයට සියලූ දෙනාම එකතුවෙනවා. ඒ වගේම මේ වන විට ඉතා විශාල පිරිසක් ඒ වටා ඒකරාශා වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ආණ්ඩුව සංජීව අත් අඩංගුවට ගත්තේ. අධ්‍යාපන ක්ෂ්ත‍්‍රයේ මෙතරම් අර්බුධ ගණනාවක් පැන නැගිලා තිබියදීත් ආණ්ඩුවේ විසඳුම තමයි මේ විදියට මර්දනය කරන එක. මේ පොදු අරගලයට සියලූ දෙනා එක් වීම ඇතුළේ පේන දෙයක් තමයි ආණ්ඩුවට ඕන කෙලියක් කරන්න බෑ කියන එක. ඉදිරි අරගල ඇතුළේ ඒක ආණ්ඩුවට පෙන්වා දිය යුතුයි.

නිලාන් ප‍්‍රනාන්දු - වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු.

මේක පැහැර ගැනීමක්. මේක අත් අඩංතුවට ගැනීමක් නෙමෙයි. පස්සේ බොරු චෝදනා එල්ල කරලා උසාවියට දැම්මා. හරිම පැහැදිලියි. මේක ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි සටන් නවත්වත්න කරපු වැඩක්. ඒ වගේම ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන අනෙකුත් බලවේග මේ නිසා මොට වේවි කියලා.

නමුත් එක නායකයෙක් ගනිද්දී තවත් එවැනිම දහයක් මේ සටනට නායකත්වය දෙන යථාර්තයක් තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙන්නේ. ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට මොන විදියට උත්සාහ දැරුවත් එය නිශ්ඵල ක‍්‍රියාවක් වන්නේ ඒ නිසා. එමනිසා අපි ආණ්ඩුවට පවසනවා ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට නිරර්ථක උත්සාහ දරන්නේ නැතුව අධ්‍යාපන ක්ෂ්ත‍්‍රයේ මතුවෙලා තියෙන ගැටලූවලට විසඳුම් ලබා දෙන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම අභූත චෝදනා නගා අත් අඩංගුවට ගත් සංජීව බණ්ඩාර සහෝදරයාව වහා නිදහස් කරන්න කියලා.

ධම්මික මුණසිංහ- රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු.

පසුගිය කාලය පුරාවටම අපි දැක්කා ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත මර්දනයකට මුහුණ දුන්නා. විශ්වවිද්‍යාලය තුළ සමාජය තුළ මතුවෙලා තියෙන ගැටලූවලට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කොන්දේසි විරහිතව මැදිහත් වුනා. මෙම මැදිහත්වීම්වලදී අත් අඩංගුවට ගැනීම්, පන්ති තහනම් කිරීම්, බිය වැද්දවීම් සිද්ධ වුනා. ඒ මර්දනයේම තවත් එක් පියවරක් විදියට තමයි සංජීව සහෝදරයාව අත් අඩංගුවට ගැනීම අපි දකින්නේ.

වර්තමානය වන විට අධ්‍යාපන ක්ෂ්ත‍්‍රයේත් අධ්‍යාපනය අවසන් වූ පසු රැකියා ක්ෂ්ත‍්‍රයේත් ඉතා විශාල අර්බුද ගණනාවක් මතුවෙලා තියෙනවා. මේ අර්බුදවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට ප‍්‍රකාශ කර සිටිනවා අධ්‍යාපන ක්ෂ්ත‍්‍රයේ මතුවෙලා තියෙන මෙම ගැටලූවලට වහා විසඳුම් ලබා දෙන්න කියලා. ඒ වගේම අත් අඩංගුවට ගෙන ඇති සංජීව බණ්ඩාර සහෝදරයාව වහාම නිදහස් කරන්න කියලා.