තැපෑලට උපාධිධාරීන් ගැනීම නැවතේ...

තැපැල් දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. තැපැල් කාර්යාලවලට අනුමත කාර්ය මණ්ඩලයේ උපාධිධාරීන් සඳහා තනතුරු හෝ රාජකාරි නොමැති බව පෙන්වා දෙමින් වෘත්තිය සමිති විරෝධය පළ කිරීම නිසා මෙලෙස බඳවා ගැනීම් කල් දමා ඇත.
නව උපාධිධාරීන් 949ක් තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා බවත් ඉන් 764ක් තැපැල් කාර්යාලවලට බඳවා ගැනීමටත් පියවර ගන්නා බව මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි. තැපැල් ඇමතිවරයා මීට පෙර පැවසුවේ, පසුගිය 11වැනිදාට පෙර එම බඳවා ගැනීම් නිමා කරන බවයි.