සරසවි පාඨ මාලා තෝරා ගැනීම 28 තෙක්...

2011උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට නව ඉසෙඞ් ලකුණු අනුව පාඨ මාලා තෝරා ගැනීමට ලබන 28වැනිදා දක්වා කල් ලබා දෙන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝගයට අනුව අමතර සිසුන් 5,609ක් වැඩිපුර බඳවා ගනු ලබන අතර වෛද්‍යපීඨය සඳහා 158ක් හා ඉංජිනේරු පීඨය සඳහා 268ක් ඒ අනුව වැඩිපුර බඳවා ගැනීමට නියමිතය.