රාගම වෛද්‍ය පීඨයත් ආචාර්ය සටනට එක්වෙයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය සඳහා රාගම වෛද්‍ය පීඨයේ ආචාර්ය සංගමයද සහාය දැක්වීමට තීරණය කර ඇතැයි ‍රාගම වෛද්‍ය පීඨ ආචාර්ය සමිතියේ සභාපතිවරයා ප්‍රකාෂකර සිටී. ඔවුන් මේබව ප්‍රකාෂකර සිටියේ ආචාර්ය අරගලයට සහය පලකිරීම සඳහා ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී ඔවුන් පවසා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමට තම ආචාර්ය සංගමයද තීරණය කළ බවයි. ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් සියලු දෙනාම දේශන පැවැත්වීම්, සායන පැවැත්වීම් සහ රෝහලේ කටයුතුවලට සම්බන්ධවීම් ඇතුළුව සියලු කටයුතුවලින් ඉවත්වෙමින් හෙට (13) දිනයේදී වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.