අධ්‍යාපනයේ ගැටලූ විසදීමට බල කරමින් දැවැන්ත බැනරයට අත්සන් තැබීම ඇරඹේ...

දිගින් දිගටම සිදු කරන අධ්‍යාපන සංහාරයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට හා එයට එරෙහිව ජනතාවගේ දායකත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් අඩි සීයක් දිග බැනරයකට අත්සන් තැබීම හා දිවයින පුරා පත‍්‍රිකා දසලක්ෂයක් බෙදා හැරීමේ ව්‍යාපාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (06) දින ආරම්භකරන ලදී.
මෙය නුවර නගරයේ ඔරලෝසු කනුව අභියසින් පෙ.ව. 11.30 ට ආරම්භ කරන ලද අතර මේ සඳහා ඉතා විශාල ජනසහභාගීත්වයක් ලැබින. මෙම මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයිනේ නගර රැසකදී ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.