දින පහේ දැවැන්ත පාගමන පේරාදෙණිය සරසවියෙන් පිටත්වේ...

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනලද දින පහක දැවැන්ත සිසු පාගමන මීට සුළු මොහොතකට පෙර පේරාදෙණිය සරසවිය ඉදිරිපිටින් අරම්භකෙරින. මෙය ලබන 28 වනවිට කොළඹට ලඟාවීමට නියමිතය.
එම විරෝධතා පාගමනේ ප්‍රධාන සටන් පාඨ මෙසේයි.

* නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු !
* අධ්‍යාපනයේ සම අයිතිය දිනාගැනීමට පෙළගැසෙමු !
* අචාර්ය, අනධ්‍යයන සේවක ගැටලූ විසඳා සරසවි වහා විවෘත කරනු !
* පාසල් වසා දැමීම හා පාසල් තුළ මුදල් අයකිරීම වහා නවතනු !
* පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු - අධ්‍යාපනයට ද.දේ.නි 6% ක් වෙන් කරනු !
* නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටනේදී අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු සංජීව
   බණ්ඩාර සහෝදරයා නිදහස් කරනු !
* මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු !
* අධ්‍යාපන ආයතන මිලිටරීකරණය හා ශිෂ්‍ය මර්දනය වහා නවතනු !

පාගමන ඇරඹීමට පෙර සහ එහි ආරම්භක අවස්ථා කිහිපයක් පහත දැක්වේ...