අනධ්‍යයන සේවකයිනුත් සටනට සැරසේ...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කර ඇති නව වැටුප් යෝජනාවලියෙන් ප්‍රශ්නය විසඳනවා වෙනුවට නව වැටුප් විෂමතාවක් නිර්මාණය කර ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමති ඒකාබද්ධ කමිටුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක විජේතිලක ජයසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම යෝජනාවලිය කිසිසේත් පිළිගත නොහැකි බවත් ඒ පිළිබඳව කම්කරු කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇති බවත්ය.
ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙම මස 10 වෙනි දින කම්කරු කොමසාරිස්වරයා සමග පැවැත්වීමට නියමිතව තිබුණද එම සාකචඡාව අවලංගු කළ බව දුරකථන ඇමතුමක් මගින් තමන්ට දැනුම්දුන් බවද ඒ මහතා තවදුරටත් පවසා ඇත.