වර්ජනයේ නිරත සරසවි ඇදුරන්ට සාකච්ඡා නොදෙන බව ජනපති කියයි...
වර්ජනය අවසන් කරන තුරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡාවක් නොදෙන බව ජනාධිපතිවරයා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ, මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවැත් වූ සාකච්ඡාවේදීය. වර්ජනය නිමා කර පැමිණෙන්නේ නම් සාකච්ඡාවක් ලබා දිය හැකි බවද ඔහු පවසා ඇත.
විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ කරන විට එස්.බී. දිසානායක ඇමතිවරයා පැවසුවේද, උද්ඝෝෂණ කරන සිසුන්ට සාකච්ඡා නොදෙන බවයි.
මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා තමිල්නාඩුවේ සිදුවීම ගැනද කතා කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී යෙදෙන සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි