ආචාර්යවර්රුන්ට අදත් සාකච්ඡා...

විශ්වවිද්‍යල ආචාර්යවරුන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්වරුන්ට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමග අද (17) සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි. නමුත් පසුගිය කාලයේ මෙලෙස ලබාදීමට නියමිතව තිබූ ඇතැම් සාකච්ඡා අවස්ථා කිහිපයක් ලබාදී තිබුනේ නැත.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ආණ්ඩුව විසින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අනිවාර්ය බේරුම්කරණයට රැගෙන යාමට සූදානම්ව සිටියේය.