කෞමිණි-තිලිණි සහෝදරියන් දෙදෙනාට එරෙහි චෝදනා ප්‍රතික්ශේප වේ...

වත්සලා කුමුදුණි ද සිල්වා සහ මාතර පොලිසියේ සුළු පැමිණිළි අංශය විසින් රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන කෞමිණි නිශානි ලියනගේ සහ තිළිනි මනීෂා අලවත්ත යන සහෝදරියන් දෙදෙනාට එරෙහිව 1997 නවක වධ පනතේ වගන්ති 2(2) යටතේ එල්ලකර තිබු නවක වාදය ලබා දීම සහ බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා අද (03) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් වත්සලා කුමුදුණි ද සිල්වා යන අයගේ වෛද්‍ය වාර්ථාව පදනම්ව ප්‍රතික්ශේප කරන ලදී.
මෙම දීර්ඝ වෛද්‍ය වාර්ථාව වෛද්‍යවරුන් 6 දෙනෙකුගේ අධීක්ෂණයට හා පරීක්ෂාවට ලක්කර තිබු අතර එයට අනුව මෙම තැනැත්තියට ඇති වී තිබෙන අභාදය, මින් පෙර හමුදා පුහුණුව ලබන කාලය තුලදී සිදුවූ අනතුර නිසා ඇති වූ පසු සිදුවීමක් බවත් එය බරපතල තත්වයක් නොව සුළු තුවාල තත්වයක් බවත් පෙන්වා දී තිබිණි. ඒ අනුව නිතීඥ දසරාජ් ධහනයාක මහතා සහ නිතීඥ ජයන්ත පතිරණ මහතා ඉදිරිපත් කරනලද කරුණු අනුව සැකකාරියන් දෙදෙනා හට නවක වධ පනතේ 2(2) යටතේ කටයුතු කිරීමට නොහැකි බව පෙන්වාදීමෙන් පසුව අභූත චෝදනා නගා දින 70ක් මාතර බන්දනාගාරයේ සිරගතකර සිටි කෞමිණි-තිළිණි සහෝදරියන් දෙදෙනාට ඇප ලබා දීමට නියම කරන ලදී.