ආචාර්ය අරගලය අවුල් කරන්න පැමිණි ආණ්ඩුවේ දෙන්නා ඇනගනියි...
රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සඳහා මේ වනවිට දින 75කට ආසන්න කාළයක් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අවුල් කිරීම සඳහා ආණ්ඩුව විසින් හදිසියේම ආචාර්ය සංගමයක් අටවා ඇත.
දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හඳුන්වාගනිමින් 16 කොළඹ සව්සිරිපායේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙහි කැඳවුම්කරු ලෙස පෙණීසිටි විවෘත විශ්වවිද්‍යාලයේ ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන විදේශ බලවේග වල කුමන්ත්‍රණයක් බවයි. කෙසේ නමුත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන ඔහු කෝප වී මාධ්‍යවේදීන්ට බැන වැදී තිබේ.
"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."
ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමක් කළා.
"දේශප්‍රේමී හා දේශද්‍රෝහී විශ්වවිද්‍යාල කියලා දෙකක් මේ රටේ තියනවද?"
"කවුද කිව්වේ? දේශප්‍රේමී විශ්වවිද්‍යාල ගැන කතා කලේ කවුද?"
"බෝඩ් එකේ ගහලා තියනවනේ."
එවිට එහිදී කාලගෝට්ටියක් ඇතිවූ අතර ආණ්ඩුවට කඩේ යාමට පැමිණි ආචාර්යවරයා තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන සිටි අතර කෝප වී ඔහු මාධ්‍යවේදීන්ට බැන වැදුනේය.