අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කළ ආයාචනයකට පිළිතුරු...
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කළ ආයාචනයකට පිළිතුරු ලබාදී ඇත.
ඇමතිවරයා විසින් ආචාර්යවරුන්ට ආයාචනා කර ඇත්තේ දරුවන්ගේ නාමයෙන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා පැමිණෙන ලෙසයි.
එයට පිළිතුරු ලබාදෙමින් අමිල හිමියන් පවසා ඇත්තේ, දරුවන්ගේ නාමයෙන් උසස් පෙළ ඇගයීම්වලට සහභාගි වන්නැයි ආයාචනා කරනවා සේ එම උසස් පෙළ දරුවන්ට පමණක් නොව සමස්ත අධ්‍යාපනයේම නාමයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාට ආයාචනා කරන්නැයි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින බවයි.