වෛද්‍ය පීඨත් අද සිට ආචාර්ය සටනට...
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් ආරම්භ කර ඇති වර්ජනයට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ද අද (27) දිනයේ සිට වර්ජනයේ නිරතවීමට තීරණය කර ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය හේතුවෙන් වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළේය. තම වෘත්තීය ඉල්ලීම් ලබා දෙනු වෙනුවට ආණ්ඩුව සිසුන්ගේ අනාගතය බිල්ලට තබමින් ගැටළු තවදුරටත් උග්‍ර කරමින් සිටින බව විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබා දෙන තෙක් තම අරගලය අඛණ්ඩව රැගෙනයාමට සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අත්වැල් බැදගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.