ශිෂ්‍යත්වයත් ඇන ගනී...


ඊයේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීමේ සිද්ධි කිහිපයක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තාවේ. මේවන විට නිශ්චිත වශයෙන් හම්බන්තොට, රඹුක්කන, පොල්ගහවෙල හා යක්කල ප්‍රදේශවලින් සිද්ධි වාර්තාවී තිබේ.

මේ සම්බන්ධයෙන් මේවන විට විභාග දෙපාර්තමේන්තුවටද පැමිණිළි ලැබී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන‍ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
මේ අතර ඊයේ පැවැති විභාගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ මුද්‍රණය නොවූ ප්‍රශ්න කිහිපයක් සහිත ප්‍රශ්න පත්‍ර විභාග අපේක්ෂකයන් වෙත ලබාදී ඇති බවද වාර්තාවේ.