රුහුණ සරසවි අඳුරන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක...
රුහුණ සරසවි ආචාර්ය සංගම් එකමුතුව විසින් ඊයේ 2012.08.14 දින රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ එම සම්මේලනයේ උප ලේකම් උපුල් අබේරත්න මහතා සඳහන් කළේ ආණ්ඩුව අධ්‍යාපනයේ ප‍්‍රමිතීන් ගැන කිසිදු තැකීමක් නොකරන බවත් උසස්පෙළ විභාගය නියමිත ප‍්‍රමිතියෙන් පවත්වන්න අපොහොසත් වී ඇති බවත්ය. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සාධාරණ විසඳුමක් දීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඊනියා දේශපේ‍්‍රමීන්ට වඩා මේ රටේ දරුවන් ගැන හැඟීමක් ඇති බවය. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස බල කරන්නේ ඒ නිසා යැයිද ඔහු පැවසීය. ආණ්ඩුව මෙය දේශපාලන මුහුණුවක් ගෙන ඇති බව ප‍්‍රකාශ කරන බවද ඔවුන් එය පිළිගන්නා බවද නමුත් ඒ ආණ්ඩුව පෙරළීමට නොව අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවත් ආණ්ඩුව මේ සඳහා දක්වන ප‍්‍රතිචාරය මත ආණ්ඩුවේ ඉදිරියද තීරණය විය හැකි බව ඔහු පැවසීය. උද්ඝෝෂණය පැයක පමණ කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවතිනි.