රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඊයේ ආවර්තිතා වගුව නොලැබේ...
උසස් පෙළ විභාගයේ ඊයේ (15 වැනිදා) පැවැති රසායන විද්‍යාව i ප්‍රශ්න පත්‍රයට අදාළ ආවර්තිතා වගුව ලබා නොදීම නිසා පිළිතුරු සැපයීමේදී තමන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවූ බව සිසු පිරිසක් පැවසූහ.
මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීම සඳහා ආවර්තිතා වගුව අවශ්‍ය වූ බවද පසුගිය වසරවලදීත් ආවර්තිතා වගුව ලබාදී ඇති හෙයින් මෙවරත් එය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවද සිසුහු සඳහන් කළහ. සිසුන් මේ සම්බන්ධයෙන් ශාලාධිපතිවරුන්ගෙන් විමසා ඇතත් ඔවුන්ට ඒ පිළිබඳ ඇතැම් ශාලාධිපතිවරු නිශ්චිත පිළිතුරුක් ලබාදී නොතිබිණි.
මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ආවර්තිතා වගුව ලබාදීම අවශ්‍ය නොවන බව ප්‍රශ්න පත්‍රය සකස් කරන මණ්‌ඩලය දැනුම් දී තිබූ බව මේ ගැන කරුණු පැහැදිලි කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ ආවර්තිතා වගුව නොමැතිව පිළිතුරු දිය හැකි ආකාරයට බව එම ප්‍රශ්න පත්‍රය සකස් කළ මණ්‌ඩලය දන්වා ඇති බවය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ
සාමාන්‍යයෙන් මීට පෙර පැවැති විභාගවලදී ආවර්ථිතා වගුව සිසුන් සඳහා ලබා දෙන බැවින් සිසුන් මෙම වගුව පාඩම් කර මතකයේ තබා ගන්නේ නැති බවද මේ නිසා ඊට අදාල ප‍්‍රශ්න සඳහා පිළිතුරු සැපැයිම බහුතරයක් සිසුන්ට අපහසු වී ඇති බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙවර විභාගයේදී ආවර්ථිතා වගු ලබා නොදීමට තීරණයක් ගෙන තිබූ බවයි. කෙසේ වෙතත් එවැන්නක් සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කර නොතිබූ බවත් එසේ විභාගයේ වෙනස්වීමක් සිදුවන්නේ නම් ඊට පෙර සිසුන්ට ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදුකළයුතු බවද ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.