උසස්පෙළින් අදාධාරණයට ලක්වූ සිසුන්ට සාධාරණය ඉටුකරන්නැයි බලකරමින් රටපුරා පෙත්සම්...
2011 උසස් පෙළ විභාගයෙන් අසාධාරණයට ලක්වූ සියලු සිසුන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ''2011 උසස් පෙළ අසාධාරණයට ලක්වූ සිසු එකමුතුව'' විසින් අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පෙත්සමක් සහ විරෝධතා බැනරයක් අත්සන් කිරීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරු රැසක් හා ලංකා ගුරු සේවා සංගමය, උපාධිධාරී ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් ගණනාවක නියෝජිතයින්ද තවත් බහුජන සංවිධාන ගණනාවක නියෝජිතයින්ද සම්බන්ධ වී තිබින.
මීට සමගාමීව ඊයේ (15) දිනයේද දිස්ත්‍රික්ක 11ක මෙම පෙත්සම් ව්‍යාපාරය අරඹා තිබූ අතර ඉදිරියටත් රට පුරා සෑම නගරයකම පාහේ මෙම පෙත්සම රැගෙන යමින් මෙම අසාධාරණයට විරුද්ධව ජනතාව හා බහුජන සංවිධාන ඒකරාශි කරන බව සිසුන් පවසයි.