ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේත් ගැටළුවල ගැටළු...

අද (07) පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව පළමු කොටස ප්‍රශ්න පත්‍ර යේ 40වන ප්‍රශ්නයේ දෝෂ සහගත බව සිසුහු චෝදනා කරති.
එම ප්‍රශ්නය සදහා ලබාදී ඇති සියලු පිළිතුරු වැරදි බවත් එම ප්‍රශ්නයට ඇමරිකාවේ සිසුවෙකුට යොමු කළා නම් පමණක් නිවැරිදි පිළිතුරක් ලබාගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

40 වන ප්‍රශ්නය මෙසේය.
ඩොලරය හා රුපියල අතර නාමික විනිමය අනුපාතිකය ඩොලර් 1 = රු. 110ක සිට ඩොලර් 1 = රු. 135 දක්වා වෙනස් වූයේ නම් එවිට
01. රුපියලයේ අගය ඉහල යන අතර ඩොලරයේ අගය ක්ෂයවේ.
02. ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අඩුවන අතර ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන ප්‍රමාණය වැඩිවනු ඇත.
03. ඇමරිකානුවන්ට ශ්‍රීලංකාවේ භාණ්ඩ මිල අධිකවනු ඇත. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන ප්‍රමාණය වැඩිවනු ඇත. 
04. ඇමරිකානුවන්ට ලංකාවේ භාණ්ඩ මිල අධිකවනු ඇත. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන ප්‍රමාණය පහල වැටෙනු ඇත. 
05. ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අඩුවන අතර ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණ්‍ය පහල වැටෙනු ඇත මෙම පිළිතුරුවල 2 සිට 5 දක්වා සියලු පිළිතුරුවල ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට “ආනයනය“ කරන භාණ්ඩ ප්‍රමාණය ගැනය. නමුත් සිදුවන්නේ ලංකාවෙන් ඇමරිකාවට “අපනයනය“ කිරීමයි.

No comments:

Post a Comment