අධ්‍යාපනයේ අර්බුධය සහ රටේ හෙට දවස - රුහුණ සරසවි මහජන රැලිය ...
අධ්‍යාපනයේ අර්බුදය සහ සරසවියේ හෙට දවස යන මැයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී ඊයේ (09) දින පැවැත්විනි. මේසඳහා සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ගාල්ල දිස්ත‍්‍රික් සරසවි සිසු සිසුවියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යන සේවක මහත්ම මහත්මීන් ඇතුලූ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක්ද සහභාගී විය.
මේවන විට රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය මුහුණදී ඇති බරපතල අර්බුදකාරී තත්වය හමුවේ නිදහස් අධ්‍යාපනය සහ රටේ අනාගතය පිලිබඳ සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයින් දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත්කරන ලදී.
අධ්‍යාපනයේ වත්මන් අරබුදය හමුවේ පාලකයින් ගේ මැදිහත්වීම සහ සිසු ආචාර්ය අනධ්‍යයන සේවකයින් ඇතුලූ රටේ ජනතාව මුහුනපා තිබෙන ගැටලූ පිලිඹිඹු කෙරෙන වීදි නාට්‍යයක්ද මෙම අවස්ථාවේදී විශේෂිත අංගයක් ලෙස සිසුන් විසින් ඉදිරිපත් කරන ලදී.
මෙහිදි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් අදහස් දැක්වූ රවී සොයුරා ප‍්‍රකාශකර සිටියේ මීට පෙර අධ්‍යාපනයේ අර්බුදය හඳුනාගනිම්න් ඊට එරෙහිව සටන්කරනලද්දේ ශිෂ්‍යයින් පමන් බවත් අදවනවිට එම අරගලයට සරසවි අචාර්යවරුන් සහ අනධ්‍යයන සෙවකයින්ද සම්බන්ධවී ඇතිබවත්ය. නමුත් අධ්‍යාපනයේ අර්බුදය මේ පිරිසගේ පමනක් නොව සමස්ත පුරවැසියන් මුහුපාතිබෙන ගැටලූවක් බවත් ඊට එරෙහිව සටන්කිරීමට සියලූමදෙනා එක්ව අත්වැල් බැඳගතයුතු බවත් ප‍්‍රකාශකර සිටියේය.
"ආණ්ඩුව සිසුන් ආචාර්යවරුන්ගේ ගැටලූ විසදනවා වෙනුවට ඔවුන් මර්ධනය කරන්න පටන්අරගෙන තියනව. ඒනිසා තමයි රුහුණ සරසවියෙ සොයුරියන් දෙන්නෙක් මේවෙනවිට බොරු චෝදනා එල්ලකරල සිරගත කරල තියෙන්නෙ. ඒවගේම විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් බියවද්දල එක එක ලේබල් අලවල මේ අරගල පරාජය කරන්න ආණ්ඩුව නින්දිත උත්සාහයක යෙදිල ඉන්නව. අපි ආණ්ඩුවට කියනව ශිෂ්‍යයො හිරකරල, පන්ති තහනම් කරල, බයකරල මේ ප‍්‍රශ්න යට ගහන්න බෑ, අපි ශිෂ්‍යයේ විදිහට රටේ ජනතාවත් එක්ක එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් සටන්කරනව කියල. අපි මේවෙලාවෙ ජනතාවට කියනව මේරටේ අධ්‍යාපනය මුහුනදීල තියන අර්බුදය, එහි අනාගත ප‍්‍රතිවිපාග ගැන දැනුවත් වෙන්න. ඒවගේම ඒ වෙනුවෙන් සරසවි සිසුන් අචාර්යවරු ගෙනයන මේ අරගලය ගැන දැනුවත් වෙන්න, ඔබේ දූ දරුවන්ගේත් මේ රටේ අනාගතය වෙනුවෙන් පෙරට එන්න කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment