විශ්වවිද්‍යාල ආචාර්යවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක...

ඊයේ (09) දහවල් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක නියැලුණි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අරම්භ කර ඇති වෘත්තීය අරගලයේ එක් පියවරක් වශයෙන් මෙම විරෝධතාව පවත්වන බවත් ජනතා නියෝජිතයින්ගේ අවධානය තම අරගලයට යොමුකර ගැනීම සඳහා මෙහි අරමුණ බවත් එහි සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේය.



No comments:

Post a Comment