රුහුණ සරසවි ඇදුරන් සිය අරගලය පිලිබඳ ජනතාව දැනුවත් කරයි...

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා ඉංජිනේරු පීඨ ආචාර්ය වරුන් රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් එකමුතුව ලෙස ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හා අත්සන් දසලක්ෂයේ ජනතා පෙත්සම සඳහා අත්සන් ලබාගැනීමක්ද සිදුකරන ලදී.
මෙය ඊයේ දින (2012.07.19) දවස පුරා ගාල්ල සහ කරාපිටිය යන නගර කේන්ද්‍රකරගෙන පැවැත්වින. දේශීය ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස බලකරමින් නිදහස් අධ්‍යාපනය සුරකීමට ජනතාව පෙලගැස්වීම හා සිය ඉල්ලීම් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ විය. මේ සඳහා විශාල ආචාර්යවර පිරිසක් සහභාගී වී සිටියහ. මේ අවස්ථාව සඳහා සහබාගී වූ ජනතාව ප්‍රකාෂකර සිටියේ ආචාර්යවරැන්ගේ අරගලයට සිය සම්පූර්ණ සහයෝගය පලකරන බවය.




No comments:

Post a Comment