අභූත චෝදනා නගා සිරගත කර ඇති කෞමිනි - තිලිණි සරසවි සොයුරියන් නිදහස් කරන ලෙස බල කරමින් රුහුණ සරසවි සිසුන් වීදි බසී...
අභූත චෝදනා නගමින් රුහුණ සරසවියේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ සිසුවියන් වන කව්මිණි නිශානි ලියනගේ, මනීෂා තිලිණි අලවත්ත යන සිසුවියන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇත. බොරු චෝදනා නගමින් සිරගත කර ඇති මෙම සිසුවියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් 2012.07.04දින රුහුණ සරසවියේ සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත හර්ෂ ගුණවර්ධන සහෝදරයා පැවසුවේ ‘‘මහ මග මිනිසුන් දෙනෝදාහක් බලා සිටියදී මිනිසුන් මරණ මිනීමරුවන් දූෂකයන් නිදැල්ලේ සිටියදී අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සටන් කරන සිසුන් මර්දනයට ව්‍යාජ නවකවද චෝදනා නගමින් මෙලෙස සිසුවියන් අත්අඩංගුවට ගැනීම බරපතල තත්ත්වයක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය සලකන බවත් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට පත් සිසුවියන් නිදහස් කරගන්නා තුරු මෙම සටන අත්නොහරින බවත්ය.’’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment