පෝස්ටර් අලවමින් සිටි රුහුණ සරසවි සිසුන් 7ක් අත්අඩංගුවට...

රුහුණ විශ්වවිද්‍යාලයේ අභූත චෝදනා නගා අත්අඩංගුවට ගෙන සිටින තිළිණි හා කෞමිණී යන ශිෂ්‍යාවන් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බලකරමින් පොස්ටර් ව්‍යාපාරයක නිරතව සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 07 දෙනකු අද අළුයම මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‘‘අභූත චෝදනා එල්ලකර සිරගත කර ඇති කෞමිණි - තිළිණි සරසවි සිසුවියන් වහා නිදහස් කරනු!’’
‘‘ඝාතකයෝ, මංකොල්ලකරුවෝ, දුෂකයෝ නිදැල්ලේ, අහිංසක සරසවි සිසුවියන් හිරේ, ජනතාවනි, දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිවෙමු!’’
ඉහත සටන් පාඨ සහිත පොස්ටර් අලවමින් සිටියදී අසභ්‍ය වචනයෙන් බැන වැදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් සිසුන් ඇලවූ පෝස්ටර් සියල්ල ඉරා දමා ඇති අතර අත්අඩංගුවට ගත් සිසුන් 07 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව තර්ජනය කර ඇත. නිතීඥ වරුන්ගේ මැදිහත්වීම මත පසුව එම සිසුන් 07 දෙනා නිසහස්කර ඇත.



No comments:

Post a Comment