අභූත චෝදනා නගා සිරගත කර ඇති රුහුණ සරසවියේ කෞමිනි සොයුරිය නිදහස් කර ගැනීමට පෙළ ගැසෙමු...
''කරුණාවන්ත වන්න ඔබට හමුවන සියලු දෙනාම දුෂ්කර වූ සටනක යෙදී සිටී.'' (ප්ලේටෝ) සැබැවින්ම ඔබ ඇතුලු අප ඇතුලු මෙම සමාජයේ සියලු දෙනාම දුෂ්කර වූ සටනක යෙදී සිටින බව අප අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. සෑම මිනිසෙක්ම ගැහැණියක් තුළම පීඩිතයෙක් ඇත. සියලු දේ මුදල් මත තීරණය වන වත්මන් සමාජ වටපිටාව තුළ මිනිසියාවේ උරුමය මෙකී පීඩාවම පමණි.
සතුට සිහිනයකි. සිහින හොරු අරන් ඇත. ඒ පලවෙනි කතාවයි. අප සියලු දෙනා දන්නා පිළිගන්නා කතාවයි.
නමුත් කවුරු කවුරුත් පිළිනොගන්නා කතාවක් ඇත. බාග විට පිළිගත්තත් පිළිනොගන්නා මෙන් ඉන්න කතාවක් ඇත. ඒ සෑම පීඩිතයෙක් තුලම පීඩකයෙක් සිටින බව කියවෙන කතාවයි. පහත තැනින් යයි ගලා ජලේ. යයි පැරැන්නන්ගේ උපහැරණ තුලද, උස්තැන් හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ යැයි, එස්. මහින්ද හිමියන් අපගේ ජන සමාජ මනෝබාවයන් පිළිබද සිය පැදි පෙළක ගෙනහැර දැක්වූ අකාරයෙන්ම මෙකී සැගවුණු පිඩකයාගේ කතාව අපද හෙළිදරවු කර ගතයුතු වෙමු.
වත්සලා කුමුදුනි පසුගිය වසරේ සරසවි වරම් ලබා රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ උපාධියක් හැදෑරීමට ඇතුලත් විය. වත්සලා මෙන්ම පසුගිය වසරේ සරසවි ප්‍රවේශය ලද සියළුම සිසුන් සරසවියට ඇතුලත් වීමට පෙර ආණ්ඩුව විසින් ලබාදෙන නායකත්ව පුහුණුව යැයි කියා ගන්න හමුදා කදවුරු පුහුණුවකට යටත් කර තිබුණි.
මෙලෙස විශ්වවිද්‍යාලයට ඇතුලත්වන වත්සලා පසුගිය නොවැම්බර් 28 දින විශ්වවිද්‍යාල ඉහල ආපන ශාලාවේ දී සිදුවූ අනතුරක් නිසා මාතර රෝහලට ඇතුලත් කෙරිණි.
වත්සලා රටේ ප්‍රධාන පුවත්පත්වල රුපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය වල ප්‍රධාන පුවත් මවන්නියක් වන්නේ මේ සමගිනි. ඊට හේතුව වන්නේ මෙම අනතුර නවක වධය දීම නිසා සිදුවූවක් බව උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ සිට අධ්‍යාපන බලධාරීන් හා විශේෂයෙන් ආණ්ඩුවේ මාධ්‍ය විසින් පතුරු බැසීමට පටන්ගත් නිසාය. ඇමතිතුමාට වහා දරු සෙනෙහස පහල විය. සියලු රාජ්‍ය මාධ්‍යන්හි සජීවී විකාශයන් මැද වත්සලා කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරීමට යුහුසුළු විය.
නමුත් මෙම සිදුවීම සිදුවීමට මස කීපයකට පෙර මෙවැනි දෙයක් සිදුවී තිබිණි.
ඒ 2011.06.19 වන දින උදෑසන 9.30 ත් 10.30 ත් අතර කාලයේදී ය. මහනුවර බූ වැලිකඩසංඥා පුහුණු පාසලේදී සිදුවූ සිදුවීමකි. මෙය සිදුවන්නේද වත්සලාටය.
මේ පිලිබදව 2011.01.02 දින දිවයින පුවත් පතට වත්සලා මෙසේ ප්‍රකාශ කර තිබුණි ''මට මේ අභාදය ඇතිවුනේ මුලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට දෙන නායකත්ව පුහුණුවේදී. සරඹ කරන විට බාල්කයක එල්ලී උඩ ඉදල පනින විට ඔලුව වැදී කොන්දේ අමාරුවක් හැදුනා එක මට ගොඩක් තදින් දැනුන. ඒ අමාරුව මහනුවර රෝහලේ දින 10 ක් ප්‍රතිකාර ගෙන සුව වුනා.''
ගැටලුව මතුවන්නේ මෙහිදී දිසානායක අමතිතුමටවත් රාජ්‍ය මාධ්‍ය වල ඉන්න අපක්ෂපාති මාධ්‍ය මහත්වරුන්ටවත් මේ අවස්ථාවේදී වත්සලා පිළිබද දරු සෙනෙහසක් පහල නොවීමය. වත්සලාගේ යෙහෙලියන් කියන පරිදි මේ සිදුවීමේ සිට කිර්තිමාවනැල්ල නම් අයෙක් දිගින් දිගින් දිගටම වත්සලා සමඟ දුරකථන මාර්ගයෙන් මෙම සිදුවීම වසන්කර වත්සලාට ප්‍රතිකාර කරන්නට බලධාරීන් මැදිහත් කර තිබුණි.
නමුත් විශ්වවිද්‍යාලයට ඇතුලත් වන දවස් වන විට වත්සලා අසරණ තත්වයකට අද වැටී තිබුණි. මහනුවර රෝහලේ ප්‍රතිකාර ගෙන සුව වුනායයි පැවසුවද ඊට පසු මස තුනක් පමණ ආයුර්වේද වෙදකම් කිරීමට ඇයට සිදු වුයේ තමන්ගේ වියදමිනි. සරසවියට ඇතුල් වූ පසුත් මෙම රෝගය සුව වී නොතිබිණි. 2011.11.06 දින උණ වැඩි වී ඇයට කලන්තය සැදී ඇත. ඉන් පසු අය
ගෙදර ගොස් ඇත. ඒ නිසා පැහැදිලිව 2011.11.28 විශ්වවිද්‍යාල ආපන ශාලාවේදී සිදූවූ අනතුරත් නවක වධය නිසා සිදු වුවක් නොව මෙකී අසනීප තත්වය නිසා ඇති වුවක් බව පැහැදිලිය.
මේ වන විට තවත් වටයකින් මේ කතාව අලුත් වී ඇත. ඒ මෙම සිදුවීමට අදාලව සිදුකෙරෙන පොලිස් පරීක්ෂණයේදී හදිස්සියේ මස 6 ට පසු මීට අදාලව කට උත්තරයක් දීමට පැමිණෙන ලෙස නිකුත් වූ පොලිස් අණට හිස නැමූ කෞමිනි සිය කටඋත්තරය දීමට මාතර පොලිසියට ගිය පසු අත්අඩංගුවට ගැනීමෙනි. පසුගිය 27 වන දින පැවැත්වූ හදුනා ගැනීමේ පෙරට්ටුවේදී තවමත් තමන්ට අබාධ ඇති බව හඟවමින් කෙසේ නමුත් තවත් තිදෙනෙකු සමග ත්‍රී රෝද රථයකින් පැමිණි වත්සලා මාතර මහේස්ත්‍රාත් උසාවියේදී කෞමිනි සොයුරිය හඳුනා ගත්තේය.
පසුගිය තදාසන්න කාල සීමාව අධ්‍යාපනය තුල අතිශය බරපතල ගැටළු මතු විය. අ.පො.ස. උ/පෙ විභාගයේ ප්‍රතිඵල වැරද්දු ආණ්ඩුවේ නිරුවත අධිකරණය ඉදිරියේ දිගහැරෙමින් තිබුණි. අධ්‍යාපනය විකිනීමට අදාලව කුමන්ත්‍රණ සැලසුම් යුහුසුළුව සකස් වෙමින් පැවතිනි. නමුත් මේ සියල්ල රටට පැහැදිලි කිරීමටත් මෙකී අධ්‍යාපන විකුණන් කෑමට විරුද්දව සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, ආචාර්යවරුන් පෙළගැසෙමින් තිබුණි. ආණ්ඩුව මින් ගැලවීමට මගක් සොයමින් සිටියේය. නැති නවක වදයක් පිලිබඳ චෝදනා නඟමින් ශිෂ්‍ය ව්‍යාපාරය වෙත මර්ධනය එල්ල කලේ මේ නිසාය. නොයෙකුත් ව්‍යාජය වීඩියෝපට, දස දහස් ගණනක් වූ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් තුන් හතරදෙනෙක් එකතු කර ශිෂ්‍ය ව්‍යාපාරයට විරුද්දව සත්‍යක්ග්‍රහ කිරීම, සෑම සරසවියකම සිසු නායකයන්ගේ ගෙවල් වලට සිදු කරන මිලිටරි මැදිහත්වීම් හරහා දෙමාපියන් බිය ගැන්වීම, සිසුන් දහස් ගණනකට අභූත චෝදනා නගා පන්ති තහනම් කිරීම් හා බන්දනාගර ගත කිරීම් සිදු වෙමින් පැවතිනි.
මේ අතර වත්සලා නැවතත් ආණ්ඩුවේ උපයෝගිතාවාදී දේශපාලනයේ ගොදුරක් විය. පාලකයන් කෞමිනි අත්අඩංගුවට ගන්නේ වත්සලාට සාධාරණය ඉටු කිරීමට නොවන බව මේ සියල්ල සලකා බැලීමේදී පැහැදිලිය. නමුත් වත්සලාට එය තේරෙනවාද යන්න පිලිබඳ අපට ඇත්තේ ප්‍රශ්නයකි. හමුදා පුහුණුවේදී ඇයට සිදු වූ අබද්දියේදී ගුලි ගැසුණු ඇය දැන් ක්‍රියාත්මක වී ඇත. ඇය කතාව වෙනස් කර ඇත. කලින්, සරඹ වලදී බාල්කයක එල්ලී උඩසිට පනින විට ඔලුව වැදී කොන්දේ අමාරුවක් හැදුනේ යැයි කියූ වත්සලා තවත් පුවත් පතකට කියා තිබුනේ සරඹ වලදී උඩසිට පනින විට විලුඹ වැදී කොන්දේ අමාරුවක් අවා කියාය. මේ නව ලිබරල් ධනවාදය තුල මිනිසියාවේ සවභාවයයි. සෑම පිඩිතයෙක් තුලම පීඩකයෙක් සිටින බවට මේ කදිම නිදසුනකි. මෙය වත්සලාගේ වැරද්දක් ලෙස අප නොකියමු. ඒ නිසා මෙම සිදුවීමේ වගකීම සරසවි සිසුවියන් වෙත පැටවීමට වුවමනාව ඇති ආණ්ඩුවේ වුවමනාවට වත්සලා යොදා ගැනීම, වත්සලා ඊට අනුගත වීම ගැන අප කිසිවක් නොකියමු. වත්සලාට උදවු කිරීමට කෞමිනි ඇතුළු සරසවියේ සිසුන් අවස්ථා කිහිපයදී උත්සහ ගත් නමුත් ඊට සාධාරණ අවස්ථාවක් ලබා දීමට වත්සලා හෝ ඇගේ දෙමාපියන් ඉඩ දුන්නේ නැත. අවාසනාවකට ඔවුන්ට කෞමිනිලාට වඩා ඇමතිතුමා විස්වාසවන්ත වී ඇත.
මේ අතර කෞමිනි ජුලි මස 09 වන දින දක්වා බන්ධනාගාර ගත කොට ඇත. ඇයට කවදා නිදහස ලැබෙයි දැය් අප නොදනිමු. මක් නිසාදයත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාය සියල්ල සිදුවන්නේ අප සිතන අයුරින් නොව පාලකයින් සිතන අකරයින් බැවිනි.
නමුත් සත්‍ය වෙනුවෙන් කෞමිනිගෙ ජීවිතය වෙනුවෙන් අපට ඔබට සියළු දෙනාටම සටනක් නිර්මාණය වී ඇත. යුක්තිය දැක දැකත් අතපය හකුලා සිටීමට අපට නොහැකිය. ධනපති පාලකයන්ගේ වැරදි වසා ගැනීමට අසරණ කෙල්ලක් බිලිදීමට කිසිවිටක ඉඩ නොදිය යුතුය. ඒ සඳහා මේ වන විට සරසවි ප්‍රජාව ලෙස ගුරු සිසු භේදයකින් තොරව සියළු දෙනා පෙළගැසෙමින් සිටී. සැබවින්ම කෞමිනි පමණක් නොව අද මුලා වී සිටින වත්සලාටද සාධාරණයක් ඉටු කර ගත හැක්කේ එවැනි මැදිහත්වීමකින් පමණි. ඉකුත් 2009 වසරේදී සුසන්ත අරුණ බණ්ඩාර මීය යාමට අදාල වරද තවත් සරසවි සිසුවෙකු මත පටවා අසරණ සිසු ජීවිතයක් බිළි ගැනීමට සුදානම් වූ අයුරින්ම මෙවර හමුදා පුහුණුවේදී සිදූවූ අනතුරේ වගකීම සරසවි සිසුවියක් වෙත පටවා ආණ්ඩුව නිදොස් වීමට සැරසෙන බව පැහැදිලිය. එයට ඉඩ දෙමුද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment