ශිෂ්‍ය සංගම් අයිතිය ඉල්ලා සබරගමුව සරසවි සිසුන් වීදී බසී...

අත්තනෝමතික අන්දමින් පන්ති තහනම් කළ සිසුන් 58 දෙනා වෙනුවෙන් පෙනී සිටීම නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරන ලදී.
මීට දින 455කට පෙර එසේ තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කරන ලෙස බලකර ඊයේ දින (28) විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. විරෝධතාව අවසානයේ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීතුමා තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපිත කිරීමට අදාළ කටයුතු සිදුකරන බව සිසුන් ඉදිරියේ පොරොන්දු වී ඇත.




No comments:

Post a Comment