විශේෂ නිවේදනයයි..

අවවාධයයි! අන්තර් විශ්වවිද්‍යලයිය ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් නිල විද්‍යුත් ලිපිනය මේ වන විට සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බැවින් iusfsl@gmail.com මගින් ලැබෙන්නාවූ විද්‍යුත් ලිපි වලට නොරැවටෙන ලෙස අප ඔබසැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
මේ වන විටද අදාල විද්‍යුත් ලිපිනය ප්‍රොයෝජනයට ගනිමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස් කර ගැනීමට මෝඩ උත්සහයක් දරමින් සිටි. එම උත්සාහ දරන මෝඩයින්ට පැවසීමට යමක් අපට ඇත. ඒ අන් කිසිවක් නොව අප විශ්වවිද්‍යාල සිසුන් වුයේ අත් ඔසවා, නොවන වගය. තවද ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහ ශිෂ්‍ය සංගම් නිල විද්‍යුත් ලිපින වලටද මෙවැනිම Hacking ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරා ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. මෙවැනි නින්දිත පහත් වැඩ කිරීමට අද ආණ්ඩුව හා ලොකු ලොක්කන්ට කත් අදින හෙන්චයියන් යොමු වී ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ අභියෝගයට මුහුණදීගත නොහැකි වීම මත බව ඉතා පැහැදිලිය. පසුගිය දිනයන්හි අන්තරේ තහනම් කරනවා යැයි පාරම්බැවේද මෙකී අමනයන් බව සක්සුදක් සේ පැහැදිලිවේ. කෙසේ නමුත් අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙවැනි බියගුළු ක්‍රියාවන්ගෙන් ශිෂ්‍ය වියාපාරය හැරවීම කිසිදා සැබෑ නොවන දවල් සිහිනයක් බව වේ.

1 comment:

  1. මෙන්න hack කරාට පස්සේ ආපු E-Mail එකක්...

    විශේෂ නිවේදනයයි

    හදීසි අවස්ථාවකදී ප්‍රරයෝජණයට ගැනීමට හා, ඉදිරියේදි පැමිණීමට නියමිත අරගලවලදී අප සමග කටයුතු කරන අනෙකුත් ශිෂ්‍ය සන්ගම් අරත අන්තර්ජාල කටයුතු සම්භන්ධීකරණය පසහු ඉරීම සදහා අප මෙම තොරතුරු අප සමග කටයුතු කරනා සෑම ශිෂ්‍ය සන්ගමයකින්ම ලබා ගැනීමට අදහස් කර ඇත.

    මෙම තොරතුරු ලබාදි අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමු.

    The Inter University Students' Federation has decided to collect information about the online activists of the student unions that work with us to increase the online communication between student unions in the country and to be used in case of an emergency.

    තොරතුරු ලබාදීමට පහත ෆොරමය පුරවන්න.

    Use the following form to give the requested information.

    https://docs.google.com/spreadsheet/viewform?pli=1&formkey=dGxjZXl0R1puem44VEIwM3hvZHlZLXc6MQ

    --
    INTER UNIVERSITY STUDENTS' FEDERATION

    ReplyDelete