අභූත චෝදනා නගා අත්අඩංගුවට ගත් රුහුණ සරසවියේ කවුමිනි ශිෂ්‍යාව වහා නිදහස් කරනු..

රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන කවුමිනි නිෂානි ලියනගේ ශිෂ්‍යාව 2012.06.25 වන දින එනම් ඊයේ සවස මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සිකුරාදා දින (2012.06.22) අකුරැස්සේ පිහිටි අයගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ගේ දැනුම් දීම මත කටඋත්තරයක් ලබා දීම සඳහා මාතර පොලීසියට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර හමුදා පුහුණුවේදී ආබායකට ලක් වූ වත්සලා කුමුදුනී ශිෂ්‍යාව අපනශලාවේ අහාර පොලිමකදී ඇද වැටීමක් හේතුවෙන් රෝහල්ගතකිරීමේ සිදුවීමට අදාලව නවක වධය ලබා දුන්නේ යයි ඇයට චෝදනා කර ඇත. එය මුළුමනින්ම අබූත චෝදනාවක් වන අතර මෙම සිදුවීම සිදුවන අවස්තාවේ ඇය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල පවා නොසිටියාය.  මෙය මුළුමනින්ම කිසිදු සාධරණ පදනමක් මත සිදු කල අත්අඩංගුවට ගැනීමක් නොවන අතර දේශපාලන බලපෑම් හේතුකොටගෙන කවරකු හෝ අත්අඩංගුවට ගැනීමේ පොලීසියේ අවශ්‍යතාවය මත සිදුවූවක් බව අපගේ විශ්වාසයයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාලව නිර්මාණය වී ඇති ගැටළු වලට සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුල වූ අර්බුද වලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනයන අරගල යටපත් කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව නැවතත් මර්ධනය කැඳවීමේ අවශ්‍යතාවය මත නවක වධ ප්‍රශ්නයක් ඉස්මතු කිරීමේ වුවමනාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල ඇති බව පැහැදිලි වේ. එම නිසා මෙම අසාධාරණ ලෙස සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය නිදහස් කරන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින්නෙමු.

1 comment: