ඊනියා පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව වීදිබට රුහුණු සරසවි සිසුන්....
දැල්වූ නිදහස් අධ්‍යාපන පහන් සිල
හොල්ලා නිවන්නට සැරසෙන අමන කැල
අල්ලා ඉවතලන සටනට වැදුනුකල
ඉහත දැක්වූයේ පසුගිය දින කීපය පුරාම රුහණු සරසවියේ තුළ ප්‍රදර්ශනය වූ පෝස්ටරයක දැක්වුනු කවියකි.
අප මෙය ගෙනහැර දක්වන්නේ රුහුණ සරසවියේ සියලූම පීඨ සිසුන් මහා ශිෂ්‍ය සංගමය හා එක්ව සංවිධානය කර තිබූ පා ගමන ට වැල්ලමඩමේදී හා මාපලානේදී එල්ල වූ භාදාවන් හා ගාල්ලෙදී එල්ලකළ ම්ලේඡච පොලිස් ප්‍රහාරය පිළිබඳ වාර්තා කිරීමටය.
සිසුන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුනේ යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව හා උසස්පෙළ ප්‍රතිඵල විකෘති කිරීම පාසල් අධ්‍යාපනය විනාශ කිරීම ශිෂ්‍ය මර්දනය ඇතුලූ කරුණු ගනනාවකට සිය විරෝධය පල කිරීමටය.
නමුත් සාමකමීව විරෝධය පලකිරීමට ඇති මානව හිමිකම අද ශ්‍රී ලංකාව තුළ අහිමිකර ඇති බවට කදිම උදාහරණ සපයමින් මෙයට භාදා පැනවිනි.
පහත ඡුායාරූප පෙළ කියා පාන්නේ ප්රජාතන්ත්රවාදයේ අවම තත්ත්වයන් තුළ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තියයි.
අද ආණ්ඩුව සිසුන්ට ත්‍රස්තවාදී ලේබල ඇලවීමට උත්සහ කරන්නේ මෙසේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අරගල කරන හෙයිනි. අරගලකාරීත්වය මිනිස් ගුණයකි. ත්රස්තවාදීන් යනු කවරහුද ඔවුන් කරන්නේ මෙම මිනිස් ගුණය විනාශ කිරීමය. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය නැතිකිරීමට උත්සහ කරන්නේ ත්රස්තවාදීන්ය. නිදහසේ කතා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට ලිවීමට ඇති අයිතිය නැති කරන්නේ ත්රස්තවාදීන්ය. ජනතා අරගල මර්දනයට මිලිටරි බලය යොදා ගන්නේ ත්රස්තවාදීන්ය. මේ සියල්ල අද පෙළගැසෙන්නේ වත්මන් ආණ්ඩුව සමගය. ඒ නිසා ත්‍රස්වාදීන් සිටින්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ නොව ආණ්ඩුව තුළ බව පැහැදිළිය.
ඒ නිසා දැන් සිසුන් සිදු කරමින් ඉන්නේ එම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නිදහස් අධ්‍යාපනය බේරාගැනීමේ අරගලයයි. එය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ උරුමයයි...