පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරදවමු.
පනතක් ගෙනෙයි විකුණන්නට අපෙ අම්මා
ඉවසා සිටින්නේ කොහොමද කියපල්ලා
සිප් කිරි වල ගුණ කඳ සිහි කරපල්ලා
අධ්‍යාපනය අපෙ අම්මා රැකපල්ලා.......
අපි දන්නවා අපේ රටේ සෑම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම ජීවිතේ එකම බලාපොරොත්තුව තමයි තමන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් තමන්ගේ දරුවන්ට ලබා දීම. දෙමාපියෝ උදේ හවා නොවිඳිනා දුක් විඳින්නේ ඒ සඳහා බව අප අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. මෙපමණ කාලයක් ඒ අහිංසක බලාපොරොත්තුව වෙනුවෙන් අපේ දෙමාපියන්ට තිබුන එකම අස්වැසිල්ල තමයි නිදහස් අධ්‍යාපන අයිතිය.
මෙරට නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය. දෙමාපියන්ට තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් ගුරුවරයෙක් කරන්න එම දරුවන්ව යවන්න තියෙන එකම තැන තමයි මේ රාජ්‍ය විශ්වවිද්‍යාල. ඒවායේ මුදල් අය කරන්නේ නැති නිසා උසස් පෙළ අවසන් කරල දරුව විශ්වවිද්‍යාලයට තේරුණා කියන ආරංචිය ලැබුන විගසම තමන්ගේ ජීවිතේ විශාල බරක් සැහැල්ලූ වුනා කියල හැගීමක් අපේ දෙමාපියන්ට දැනෙනෙවා. ඒ නිසා ඊට පස්සෙ දෙමාපියෝ හිතනවා දැන් නම් ඉතින් අපි නැතිව උනත් අපේ දරුවට හොඳ ජීවිතයක් ලැබෙයි කියලා.
නමුත් මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන, සෑම දෙයකම මුදල්මය වටිනාකමත් ලාභයත් ගැනම පමණක් සිතන නරුම පාලකයෝ මේ වන විට අපේ රටේ අම්මලාගෙ තාත්තලාගෙ ඒ හීනය පොඩිපට්ටම් කරලා දාන්න. සාමාන්‍ය පංතියේ දරුවන්ට විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන තමන්ගේ දෙමාපියන්ගේ හීන සැබෑ කරන්න තියෙන අවස්ථාව නැති කරන්න මේ වන විට සැලසුමක් හදල තියෙනවා.
අපි පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියන්නෙ ඒකට ආණ්ඩුවනම් ඒකට වෙන මොකක්ද නමක් කියනවා. නම මොක උනත් ඒකෙන් වෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත වෙන එක. එහෙම උනාම අපි අර කලින් කියපු සැනසීම අපේ රටේ දෙමාපියන්ට අහිමි වෙනවා ඒ වගේම දරුවන්ටත් විශාල මානසික පීඩනයක් ගොඩනැගෙනව මුදල්ගෙවලා උගන්වන්න බැරිවෙන දෙමාපියන්ගේ දැරුවන්ට සිදුවෙනවා ඉගෙනගන්න එක නවත්වන්න. උසස් අධ්‍යාපනයට දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම නිසා. ඇයි දෙයයනේ මොණ අම්මට තාත්තට ද පුළුවන් අද දවසේ
වෛද්‍ය උපාධියට රුපියල් ලක්ෂ 65
කළමණාකරණ උපාධියට රුපියල් ලක්ෂ 17
විද්‍යා උපාධියට රුපියල් ලක්ෂ 25
කලා උපාධියට රුපියල් ලක්ෂ 13
වියදම් කරන්න.
පාලකයෝ කියනව පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගත්තම ‘‘රාජ්‍ය විශ්වවිද්‍යාල එහෙමම තියෙනවා කියල අපි අහන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලත් නිදහස් අධ්‍යාපනයත් එහෙම්මම තියෙනවා නම් ඒවා දියුණු නොකර පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්නේ මොකට ද කියලා. සැනකෙළි පවත්වන්නයි, පාටි දාන්නයි, ආණ්ඩුව කෝටි ගනන් මුදල් නැති බන්ගස්තාන කරද්දි දුප්පත් අම්මගෙ තාත්තගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න අවශ්‍ය පහසුකම් වැඩිකරන්න මුදල් නෑ කියනවා.
පැහැදිලිවම ඔබට මතක ඇති පෞද්ගලික බස් සේවය ආවම පස්සෙ ලංගමට උනේ මොකක්ද කියලා, පෞද්ගලික චැනල් සේවය ආරම්භ උනාම රජයේ ඉස්පිරිතාලෙට මොකද උනේ කියලා. ඒවා පෞද්ගලීකරණය ගැන අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවමාන අත්දැකීම්
ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබ සියලූ දෙනාම ලංගමට සිදුවෙච්ච දේ රජයේ රෝහලට සිදුවෙව්ච දේ මේ රටේ අධ්‍යාපනයට වෙනවට කැමති නෑ කියල. එහෙනම් එහෙම නොවෙන්න නම් නිදහස් අධ්‍යාපනයත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතියත් රැුකගැනීම වෙනුවෙන් පෙරට එන්න ඕන. ශිෂ්‍ය ව්‍යාපාරය විධියට 1982 අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාපු වෙලාවෙ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරපු වෙලාවෙ සටන් කරලා මේ රටේ දෙමාපියොත් එක්ක එකතු වෙලා ඒව පරාජය කරා. ඒ නිසා අපට විශ්වාසයි මේ නැවතත් ගේන්න යන ඊනියා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න අපට පුළුවන් ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්. ඒ සඳහා අපත් එක්ක එකතුවෙන්න. ඔබ වෙනුවෙන් ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගතයුතුයි.
ඒ නිසා
පෙරට එන්න
මේ උදුරාගැනීමට සැරසෙන්නේ
ඔබගේ දරුවාගේ අනාගතයයි.
ඔබේත් දරුවාගේත් අප හැමෝගෙම ජීවිතයයි.
නිදහස් අධ්‍යාපනය රැුකගනිමු
ඊනියා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරදවමු.