ජයවර්ධනපුර සරසවියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයට එරෙහිව රුහුණ සරසවි සිසුන්ගේ විරෝධය...

ජයවර්ධනපුර සරසවි විරුසිසු ස්මාරකයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට විරෝධය පල කරමින් අද දින (2012/01/06) රුහුණ විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය උද්ගෝෂණයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දහසකට අධික සිසුන් පිරිසක් සහභාගිවිය.
මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත හර්ෂ ගුණවර්ධන සහෝදරයා පවසා සිටියේ ලාංකේය ශිෂ්‍ය වියාපාරය යනු බෝම්බ ගසා මර්ධනය කල හැකි සමාජ බලවේගයක් නොවන බවත්,ඉතිහාසයේ එය සපත කර ඇති බවත්ය.තවද එම වියාපාරයේ වත්මන් පරපුර අප වන බවත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනට කොන්දේසි විරහිතව අභිතව නායකත්වය ලබාදෙන බවත්ය.තවද මෙහිදී අදහස් දැක්වූ කළමනාකරණ හා මුල්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු උමයංගන සහෝදරයා පවසා සිටියේ අද මෙම බෝම්බ ප්‍රහාරයේ එල්ල කලේ ජ'පුර සරසවි ස්මාරකයට බවත් හෙට මෙම ප්‍රහාරය එල්ල වන්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටනට වීදි බහින සරසවි සිසුවාට බවත්ය.වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම සිදුවීම ශිෂ්‍ය මර්දනයේ තවත් එක් පියවරක් බවත් බෝම්බ ගසා ශිෂ්‍ය වියාපාරය නතර කල නොහැකි බවත් මොන බාදක මැදින් උවද පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරන බවත්ය.