අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් රුහුණ සිසු එකමුතුව උසස්පෙළ සිසුන් සමග ප‍්‍රතිඵල නිවැරදි කරගැනීමේ සටනේ......

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව අ.පො.ස. උසස්පෙළ ප‍්‍රතිඵල නිවැරදි කරගැනීම සඳහා දිගින් දිගවටම සටන් වදින බව අද දින මාතර නගරයේදී පැවති උද්ගෝෂණයකදී එහි ප‍්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය.
රුහුණ සිසු එකමුතුව ලෙස ඊයේ (2011/12/29) දින තංගල්ල නගරයේදීත් අද දින(2011/12/30) මාතර නගරයේදීත් උසස්පෙළ විභාගය නිසා අසාධාරණයට පත්වූ සිසුන් වීදියට බසින ලදී. ඔවුන් දිගින් දිගටම ප‍්‍රකාශකලේ මෙම ලබා දී ඇති ප‍්‍රතිඵලය කිසිසේත් පිළීගැනීමට තමන් සූදානම් නොමැති බවයි. මේ පිළිබඳ ආණ්ඩුව වගකීම බාරගත යුතු බවත්. ආණ්ඩුව විසින් ලබාදුන් බොරු ප‍්‍රතිඵල නැවත සමීක්ෂණයට සිසුන්ගෙන් මුදල් අය කිරීම විහිනළුවක් බවත් තව දුරටත් සිසු ජීවිත සමග සෙල්ලම් නොකර බොරු ප‍්‍රතිඵල අහෝසිකර නැවත සමීක්ෂණයෙන් නිවැරදි ප‍්‍රතිඵල ලබා දෙන ලෙස බලකරන බවත් ඹවුහු පැවසූහ.