රුහුණ සරසවි සිසුන් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද විකෘති උසස් පෙළ ප්‍රතිඵලයට එරෙහිව උද්ඝෝෂණයක..
මෙවර උසස් පෙළ විභාගය කාගෙත් කතාබහට ලක් වුණ මාතෘකාවක් විය. ආණ්ඩුවේ අසමත්
කි‍්‍රයාකලාපය නිසා පාසල් සිසුන්ට ලැබේන පෙළපොතේ වැරුදීම් සිදුකර තිබු අතර
ඉන්පසුව පවත්වන ලද විභාග කිහිපයකදීම අක්‍රමිකතා මෙන්ම ප්‍රශ්න පත්‍ර
සම්බන්ධයෙන් ගැටළු රාශියක් පැන නැගුන නමුත් දිගින් දිගටම සිදුවු මෙම ගැටළු
වලට පිළිතුරු තිබුණේ නැත.
මෙම වගකීම් විරහිත ස්වභාවය නිසා සිදුවූයේ විභාග
සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති බිදවැටෙන තත්ත්වයක් උදාවීමයි.
අද ආණ්ඩුවට කර ගැනීමට අවශ්‍ය වී ඇත්තෙත් ඒයයි. නිදහස් අධ්‍යාපනය විහිලූවක්
බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.අද මෙම තත්ත්වය ලක්ෂ තුනකට අධික
දරුවන්ගෙත් එම දරුවන්ගේ පවුල්වල අයගේත් අනාගතය විනාශ කිරීමක් නොවන්නේද?
දරුවන්ට දැන් පුදුමසහගත සුභ අනාගතයක් ලැබී ඇත. ප්‍රතිඵල නිකුත් කළ පසු
සැනකින් දිස්ති‍්‍රක් කුසලතාවය අහෝසිකර සංසෝධනය කරන්න ආණ්ඩුවට සිදු විය.
අපි මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් බලා සිටිනෙමු ඉන්නේ.අද දින මෙසේ
උද්ඝෝෂණයක් සංවිධානය කර ආණ්ඩුවට බලකර සිටින්නේ නිකුත් කරන ලද සමස්ථ
ප්‍රතිඵලය අකුල ගෙන සමස්ථ ප්‍රතිඵලය නැවත ඇඟයිමකට ලක්කරන ලෙස මහා ශිෂ්‍ය
සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ රුවන් ප්‍රදීප් සහෝදරයා ප්‍රකාශ කර
සිටියේය.
ආණ්ඩුවේ අසමත් විභාග ප්රතිඵළය හමුවේ අසාධාරණයට පත් සිසුන් වෙනුවෙන්
හඬනගන්නට නොබියව ශිෂ්‍ය ව්‍යාපාරය පෙරට එන බවත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂාකර
ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන බවත් මෙහිදි තව දුරටත් සිසුන් ප්‍රකාශ
කර සිටියේය.