සරසවි ජාත්‍යන්තරකරණය හා රුහුණ සරසවියේ සැබෑ යථාර්තය.

දකුණුලකට පමණක් නොව මුළුමහත් රටටම ආඩම්බරයක් වූ රුහුණ විශ්වවිද්‍යාලය ආණ්ඩුවේ සරසවි ජාතයන්තරකරණ වැඩ පිළිවෙලට අහම්බෙන් දෝ එක්කර ඇත.ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණීගත කිරීම්වල අහලකවත් නැති ලංකාවේ සරසවි ජාත්‍යන්තරකරණය කිරීම වටී.එය ආණ්ඩුවට ඇති උදාරතර සංකල්පයක් ලෙස අණ්ඩුවේ වචන පෙළ දෙස පමණක් දකින ඕනෑම කෙනෙකුට මනාව වැටහේ.
දරුවන්ට සුභ අනාගතයක්, තාරුණ්‍යයට හෙටක් ආදී ආණ්ඩුවේ වැඩ සටහන් සංකල්පයක්ම පමණක් වෙද්දී, සරසවි අන්තර් ජාතිකකරණය ඇමැතිතුමා දුටු සිහිනයක් පමණක් නොව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් බවට පත් කරන්නට හැකි නම් එය කෙතරම් වටින්නේ ද?
සරසවි ජාත්‍යන්තරකරණය හමුවේ රුහුණ සරසවියේ සමස්ථ ප්‍රජාවම පීඩා විඳින මානව හා භෞතික සම්පත් හිගයට අනිවාර්යෙන්ම පිළියම් ලබා දිය යුතුය. එසේ නොමැතිව ගොඩනැගිල්ලක්වත් නැති පීඨ ඇති සරසවි ජාත්‍යන්තරකරණය කළ හැක්කේ කෙසේද යන්න දන්නේ ඇමැතිතුමාම පමණි. අන්තර්ජාතික සම්මතයන්ට අනුව, ප්‍රමිතීන්ට අනුව ආචාර්ය සිසු අනුපාතය පවත්වා ගැනීම, නියමිත පරිදි තම අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් ලබා දීම, නාම පුවරුවක් හා තවත් සීමිත සම්පත් පමණක් හිමි පීඨ සඳහා ගොඩනැගිලි සංකීර්ණ හා පහසුකම් ලබාදීම, සියලූ පීඨවල ආචාර්යමණ්ඩලයට හා සිසුන්ට මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලයට කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීම කළ යුතුය. එසේ නොමැතිනම් රුහුණ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරකරණය සිහිනයක්ම පමණක් වෙනු ඇත.
සරසවි අත්තර් ජාතිකකරණය කරළියේ රග දක්වද්දී උසස්අධ්‍යාපනඇමැතිතුමා, එතුමාගේ ලේකම්තුමා ද සමග සරසවිවලචාරිකාවේ යනඅතරතුර, දැවැන්ත පොලිස් ආරක්‍ෂාවක් මැද රුහුණසරසවියට දගොඩවිය. එය ඉතිහාසයේ රන්වන් අකුරින් සටහන්වන්නක් ලෙසඇමැතිතුමා සිතන්නට ඇත. සුපුරුදු පරිදි සිසුන්ගේදැවෙන ප්‍රශ්නවිසඳීමේ අටියෙන් ක්ෂණික විසදුම් මවාපාන්නට විය.සරසවිජාත්‍යන්තරකරණය කිරිමේ අරමුණ පෙරදැරි කරගෙනපීඨගොඩනැගිලි නොමැති පීඨවලට පීඨ ගොඩනැගිලි සංකීර්ණද,පරිගණක විද්‍යාගාර ද මෙම වර්ෂයතුළ ලබාදෙන බවත්පුරප්පාඩුවපවතින ආචාර්ය මහාචාර්ය ඒකක හැකි ඉක්මනින් ලබාදෙනබවත්පොරොන්දුවිය.වසර ගණනාවක් තිස්සේ එකතැන පල්වනවිභාගශාලාවේ වැඩ ඉක්මනින්ම නිමකරන බව සැල කරන්නටවිය.එපමණක් නොව ලැප්ටොප් සිහිනය ද පින්තාරු කළේය. මේසියල්ලසඳහා වෙන්කර ඇති මුදල් පිළිබඳව ද සාකාච්ජා කරන්නටවිය.කාලයනික්ම ගියේය.රුහුණ විශ්වවිද්‍යාලයේ 2003 වර්ෂයේආරම්භ කළදැනට සිසුන් 1267ක් අධ්‍යාපනය ලබන කළමනාකරණහා මූල්‍යපීඨය හා 2006 වර්ෂයේ ආරම්භ කරන ලද දැනට සිසුන් 120ක් පමණඅධ්‍යාපනය ලබන ධීවර සහ සාගරවිද්‍යා හා තාක්ෂණ පීඨයයන පීඨදෙක මේ වන විටත් නාම පුවරු දෙකකට පමණක් සීමා වීඇත.පරිගණක විද්‍යාගාර පෙනෙන තෙක් මානයකවත් නොමැත.අලූතින්ආචාර්ය මහාචාර්යවරු ලබා දෙනවා විනා සිටින ආචාර්යමහාචාර්යවරුරැක ගැනීමටවත් ආණ්ඩුවට වුවමනාවක්නොමැත.සමස්ථ සරසවිප්‍රජාවම තවමත් දැඩි භෞතික හා මානවසම්පත් හිගයෙන් පීඩා විඳී.

වැඬ නවතා දමා ඇති විභාගශාලාව

කෙසේ වෙතත් ඇමැතිතුමාට පමණක් නොව ආණ්ඩුවටම අපලකාලයකට මුහුණ දීමට සිදුවී ඇති වකවානුවක සරසවි අන්තර්ජාතිකකිරීමේ වැඩ පිළිවෙළ ආණ්ඩුව පස්ස දොරෙන් ක්‍රියාත්මක කරන්නටයන ආකාරයක් නම් පෙනෙන්නට ඇත. පෞද්ගලික අංශයේසේවකයන්ගේ ETF හා EPF කොල්ලකන්නට සුදානම් වු ආණ්ඩුවඑයට ”විශ්‍රාම වැටුප” යන සංවේදී නාමය භාවිතා කළේය. මේ රටේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය විදේශිකයන්ට අලෙවිකරන්නට සුදානම් ආණ්ඩුව එයට ”සරසවි ජාත්‍යන්තරකරණය” යනසංවේදී නාමය භාවිතා කරන්නේය. රුහුණ සරසවිය ද ඇතුලූ සමස්ථසරසවි පද්ධතියම පාහේ දැඩි මානව හා භෞතික සම්පත් හිගයෙන්පීඩාවිඳිද් දී, සරසවි ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කළහැකි මෙන්ම,කළයුතු ප්‍රමුඛ බොහෝ දේ තිබියදී අධ්‍යාපනයට හරියාකාරව මුදල්ප්‍රතිපාදන වෙන් නොකරන ආණ්ඩුව මුදලට රාජ්‍ය උපාධිය විකිණිමසඳහාම පමණක් ව්‍යාජ අන්තර්ජාතිකකරණයක් කරළියේ රගදක්වමින් සිටී.
රැකියා විරහිත උපාධිධාරීන් දහස්ගණනට රැකියා ලබා දී ඔවුන්ගේදක්‍ෂතාවලින් ප‍්‍රයෝජනය ගෙන රටේ මිනිසුන්ගෙ ජීවිත නගාසිටුවන්නට ආණ්ඩුව අසමත්ය, ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනමින්රටට වටිනාකම් දිනා දෙන්නට ආණ්ඩුව අසමත්ය. තාරුණ්‍යයටහෙටක් පෙනෙනතෙක් මානයකවත් නොමැත.අද සරසවි සිසුන් වනඅපට ක්‍ෂිතිජයට උඩින් ලොව දකින්නට වරම් නැත.ආණ්ඩුවආචාර්යවරුන්ට ක්‍ෂිතිජයට උඩින් පියාඹන්නට කියා නොකියාකියන්නේ සරසවි ජාත්‍යන්තරකරණය කිරීමටද යන්න අපට ඇතිප‍්‍රශ්ණයයි. ප‍්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් නිසාඅධ්‍යාපන ක්ෂේත්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක් වී ඇත. මෙමතත්ත්වය නිසා ජාත්‍යන්තරකරණය තියා අලූතින් වැසිකිලියක් හෝරුහුණ සරසවියේ ඉදිකරන්නට ආණ්ඩුවට වත්කමක් නොමැත.
ලංකාවේ සරසවි ජාත්‍යන්තරකරණය කළ හැකිය.ඒ සඳහා හොඳමඋදාහාරණ ලාංකේය ඉතිහාසය ගවේශණය කරන්නෙකුට සොයාගතහැකිය.ලංකාවේ ඉංජිනේරු තාක්‍ෂණයේ විශ්මය කියාපෑමටවාරිකර්මාන්තය පමණක්ම සෑහේ.බුත්සරණ, අමාවතුර,සද්ධර්මරත්නාවලිය ලංකාවේ අධ්‍යාපනයේ ගාම්භිර ඉතිහාසයමැනවින් කියාපාන නිදසුන්ය.අධ්‍යාපනය දියුණු කිරීමට පවතිනඕනෑම ආණ්ඩුවකට සැබෑ ඕනෑකමක් තිබිය යුතුය. බොරු සංදර්ශණනොව ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය.බුද්ධිමතුන්ගේ, විෂයප‍්‍රවීනයන්ගේ දැනුම ලබා ගැනීමට හැකියාවක් සහ නිහතමානීකමක්තිබිය යුතුය.අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන වැඩිකළ යුතුය.එමෙන්ම තමන් කැමැති ඕනෑම ක්‍ෂේත්‍රයක ඕනෑම දුරකට අධ්‍යාපනයලෑබීමට අවස්ථාව හිමිකර දිය යුතුය.එමෙන්ම එම දැනුම රටේජනතාවගේ සුභසිදධිය උදෙසා යොදාගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක්තිබිය යුතුය.එවිට සරසවි ජාත්‍යන්තරකරණයට,අන්තර්ජාතිකප්‍රමිතීන්අත්කර ගැනීමේ මාවත විවරවනු ඇත.එසේ නොමැතිව සංකල්පයක්පමණක් පුන පුනා කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවාට වැඩක් නැත.
රටේ සරසවි ජාත්‍යන්තරකරණයට ප‍්‍රථමයෙන් කළහැකි සහ කළයුතු ප්‍රධාන කාර්යයක් ඇත. එනම් ජාතික සරසවි පද්ධතිය රැකගැනීමටකටයුතු කිරීමයි.ඒ සදහා අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදනඅනිවාර්යයෙන්ම වැඩිකළ යුතුය.එවිට සරසවි සිසුන් පීඩා විඳිනදහසකකුත් වූ අධ්‍යයන සුභසාධන ගැටලූ වලට විසදුම් ලැබෙනුඇත,අධ්‍යාපනය සඳහා අවශ්‍ය වටපිටාව සරසවිතුළ ගොඩනැගෙනවිටජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ, විශ්වවිද්‍යාල තුළින් බිහිවනුඇත.එලෙස සොයාගන්නා නව දැනුම රටේ සංවර්ධනයටද, ප්‍රමුඛවඉවහල් වනු ඇත.එවිට ජාත්‍යන්තරකරණය කිරීමකින් තොරවමසරසවි ජාත්‍යන්තරකරණයවනු ඇත.