ආණ්ඩුව උසස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශකිරීමේ වැඩපිලිවෙලක,
ආණ්ඩුව විසින් උසස් අධ්‍යාපනය මුළුමනින්ම විනාශකරන වැඩපිළිවෙලක් දියත්කරමින් සිටින බවත් මේ ආකාරයේ අසාර්ක පාඨමාලා ආරම්භ කරමින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන සොච්චම් මුදලත් විනාශකරමින් මේ දියත් කරන්නේ උසස් අධ්‍යාපනය විනාශකිරීමේ න්‍යය පත‍්‍රයේ එක් අංගයක් බවත් අද දින(10)නිපෝන් හෝටලේදී පැවති මාධ්‍ය හමුවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව බණ්ඩාර සහෝදරයා,
‘‘අපි දන්නවා ඉංග‍්‍රීසි හා පරිඝණක පාඨමාලාවන් ආරම්භ කරමින් මීට මාස කිහිපයක සිට ඊ ඇමතිවරයා ඉංග‍්‍රීසි භාෂාව මෙන්ම පරිඝනක හැකියාවෙන් පිරිපුන් සිසුන් පිරිසක් නිර්මාණය කරන බවට පුරසාරම් දෙඩුවා.එහෙම කියපු පාඨමාලා අද රටට තවත් විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා.මේ වන විට ලංකාව පුරා මධ්‍යස්ථාන ගණනාවක නවක විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන ඉංග‍්‍රීසි සහ පරිගණක පාඨමාලාව මහජන මුදල් පිල්ලි ගැසීමේ තවත් එක් ප්‍රෝඩාවක් බවට පත්වට පත්වෙලා තිබෙනවා.විවිධ මධ්‍යස්ථාන වලින් ලැබෙන තොරතුරු වලට අනුව එය මැනවින් සනාථ වෙනවා.
නිසි ප‍්‍රමතියකින් තොරව මෙම පාඨමාලා පවත්වාගෙන යාම නිසාත් ශිෂ්‍යයන් මෙම පාඨමාලාව ප‍්‍රතික්‍ෂේප කිරීම නිසාත් බොහෝමයක් මධ්‍යස්ථාන වල පාඨමාලා පැවැත්වෙනේ නැහැ.ඒ වගේම පැවැත්වෙන මධ්‍යස්ථාන වල ශිෂ්‍ය සහභාගීත්වය ඉතා දුර්වල මට්ටමක පවතිනවා.අඩුම ගානෙ පාඨමාලාව ආරම්භයේදී ලබාදිය යුතු අත් පොතවත් මධ්‍යස්ථාන විශාල ප‍්‍රමාණයක සිසුන්ට ලබාදී නැහැ.ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේ ආකාරයෙන් ජනතාවගේ මුදල් නිකරුනේ විනාශ කරන්න එපා කියලා.
එදා ආණ්ඩුව කියපු අල්ලෙපැලෙන බොරු අද ඔප්පුවෙලා තිබෙනවා.විශ්වයට ඉහලින් යන උගතුන් බිහිකරනාවායැයි කියූ ආණ්ඩුව මහපොළවටත් පහලින් යන නූගතුන් බිහිකිරීමේ ව්‍යපෘතියක බවට මෙය පත්කරල තිබෙනවා.මේ නිසා අපි දෙමාපියන්ගෙන් ඉල්ලා සිින්නේ ආණ්ඩුව ගෙනයන විනාශකාරී වැඩපිළිවෙලට එරෙහිව නැගී සිටින්න කියා.