රුහුණේ කෑම පෝලිම........
ඉහත දැක්වෙන්නේ රුහුණ සරසවියේ පීඨ 4කට අයත් සිසුන් ආහාර ගැනීම සඳහා භාවිතා කරන ප‍්‍රධාන ආපන ශාලාවේ දහවල් කාලයේ පවතින කෑම පෝලිමේ අවස්ථාවකි.ආපන ශාලාවේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා විටක මෙම පෝලිම දිගු වෙයි.
සිසුන් 3500කට පමණ ආහාර ගැනීමට ඇති මෙම ආපන ශාලාවේ මේ වන විට ඇත්තේ පුටු 165ක් හා මේස 28 ක් පමණි.විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉහත ආපන ශාලා අර්බුදය පිළිබඳව මීට බොහෝ කලකට පෙර සිට පරිපාලනය දැනුවත් කරත් මෙතෙක් එම ගැටලූවලට විසදුම් නොලැබීම නිසා සිසුහු දැඩි අපහසුතාවයකට පත්ව ඇත.නවක සිසුන්ට හමුදා කඳවුරු තුළදී හැදි ගෑරුප්පුවලින් කෑමට පුරුදු කරන රටේ පාලකයන්ට සිසුන්ට ආහාර ලබා ගැනීම සඳහා ආපන ශාලා පහසුකම් පුළුල් කිරීමට නෙසිතෙන්නේ මන්දැයි මේ පිළිබඳ අදහස් දැක්වූ ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දික ගුණසේකර සොයුරා ප‍්‍රකාශ කළේය.