ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන සමුළුවක්...

ආණ්ඩුව තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීමට එරෙහිව හා එම ගැටළු විසඳීමට බලකරමින් ගුරු - විදුහල්පති ඒකාබද්ධ සංවිධානය විසින් නොවැබර් 13 දින පෙ.ව. 10.00 ට මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී වෘත්තීය සමිති නියෝජිත සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් මහින්ද ජයසිංහ මහතා පවසයි.
ගුරු - විදුහල්පති අතුරු වැටුප් යෝජනාව හිඟ වැටුප් සහිතව වහාම කි‍්‍රයාත්මක කිරීම, ගුරු - විදුහල්පති සේවාවන්වල උසස්වීම් වහාම කි‍්‍රයාවට නැගීම, හිඟ වැටුප්, ආපදා ණය, දේපළ ණය ඇතුළු ගුරුවරුන්ට හිමි සියලු ගෙවීම්වලට ප‍්‍රතිපාදන වෙන් කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, අධ්‍යාපන ක්ෂේත‍්‍රය දේශපාලනීකරණය කිරීම නතර කර නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති සමිති සිය විරෝධතාවය පැවැත්වූ අතර මෙම කරුණු ඉටු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා පියවර නොගැනීම තුළ ලංකාවේ කි‍්‍රයාත්මක සමස්ත පාසල් පද්ධතියම සම්බන්ධ කෙරෙන දැවැන්ත වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවීමට පසුගියදා කොළඹදී රැස්වූ ගුරැ විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ තීරණය කළ බව මහින්ද ජයසිංහ මහතා පැවසීය‍........