සරසවි ආචාර්යවරු ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි නොවේ...

අද (11) සවස 2.00 ට පමණ ආණ්ඩුවේ නියෝජිතයින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් එම මාධ්‍ය හමුව සඳහා සහභාගි නොවීමට ආචාර්යවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.
අද රැස්වූ ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවද පැවැසේ. 

නමුත් මීට සුළු වේලාවකට පෙර ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම මාධ්‍ය හමුව ආරම්භ වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.